Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසරක් කල් දැමුණු ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල ආරක්ෂිතව පැවැත්වීම සහතික කිරීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම සිදුකරන බව ඔලිම්පික් සංවිධායකයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොරොන්දු වී තිබේ.

ජපානය කොරෝනා වෛරසය පැතිර යාම සමග පොරබදමින් සිටින අතර, ජනගහනයෙන් 1%ක් පමණ තවමත් එන්නත ලබාගෙන ඇති පසුබිමක ඔලිම්පික් අවලංගු කිරීම සඳහා වන ඉල්ලීම් දිනෙන් දින වැඩිවෙමින් පවතී.

කෙසේ වෙතත් අද (19දා) සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් කියා සිටියේ ජාපානයේ සහ ටෝකියෝ 2020 තරගාවලියේ නිලධාරීන් මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා අතර, අවදානම් මෙතෙක් කළමනාකරණය කර ඇති බවය.

ටෝකියෝ නගරයේ දැනට ක්‍රියාත්මක දැඩි කොවිඩ්-19 මර්දන ක්‍රියාමාර්ග කළමනාකරණය කරගැනීම සඳහා අතිරේක වෛද්‍ය නිලධාරීන් ලබාදීමට තම සංවිධානය ඉදිරිපත් වී ඇති බවද IOC සභාපතිවරයා පවතින විවේචනයන්ට පිළිතුරු දෙමින් පැවසීය.

ඔලිම්පික් ගම්මානයේ සිටීමට අදහස් කරන පුද්ගලයින්ගෙන් 75%කට දැනටමත් එන්නත් ලබා දී ඇති අතර, අවසාන සංඛ්‍යාව 80%ට වඩා වැඩි වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ටෝකියෝ 2020 සභාපති සයිකෝ හෂිමොටෝද රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ අද (19දා) සැසියේ අරමුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා මහජනතාවගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම බවය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් පරීක්‍ෂා කිරීම සහ ඔවුන් ජපාන ජනතාවගෙන් වෙන් කිරීම ප්‍රධාන අරමුණු දෙක බව ඇය පැවසුවාය.

මෙම මාසය මුලදී ඔලිම්පික් උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් දින නවයක් තුළ අත්සන් 350,000ක් ලබාගෙන තිබූ අතර, ජපානයේ ප්‍රමුඛ ඊ-වාණිජ්‍යය සමාගමක් වන රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මෙම ක්‍රීඩා උළෙල සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් ලෙස නම් කර තිබුණි.

නරේන් විශ්වජිත්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.