Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්, අද (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අනුයුක්තව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපල වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් - 19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන් දෙපලගේ ඉදිරි අනාගතය සඳහා සිය සුබපැතුම් පිරිනැමීය.

මේ වනවිට මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ද මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙත දායකත්වය ලබාදෙති.

ජාත්‍යන්තර වශයෙන් විශේෂ දක්‍ෂතා පෙන්නුම් කර ඇති මෙම ක්‍රීඩකයින් දෙපළ දේශිය හා විදේශිය තරඟ වාර්තා කිහිපයකට හිමිකම් ලබා ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය) සහ යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති හා ප්‍රධාන සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර සහභාගී වූහ.

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.