මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි
- 2021-11-17 23:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පල කිරීමටයි කටයුතු කර ඇත.
තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාවට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බව ද මිකී ආතර් සදහන් කර සිටියි.
මිකී ආතර් සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) පත් කළ බව බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායම අද(17) නිවේදනය කර සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments