මුරලිටත් බැරිවූ වාර්තාවක් ප්‍රවීන් පිහිටුවයි
- 2021-05-03 07:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි.
ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.
ලෝකයේ වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුරලිදරන්ට සිය මංගල ටෙස්ට් තරගයේදී දවාගැනීමට හැකි වූ කඩුලු සංඛ්‍යාව තුනකි. මුරලි සිය මංගල තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කර තිබුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙසින් මීට පෙර වාර්තා පිහිටුවා තිබුණේ අකිල ධනංජයයි. අකිල බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව තිබුණි.
බංග්ලාදේශය සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 209කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයගත්තේය. තරගයේ වීරයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments