Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ පන්ජාබ්හි මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 කි.

ෆවුජා සිංගේ මරණය පිළිබඳ පුවත පළ වීමත් සමග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුව "ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු" ලෙස හැඳින්වීය.

ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්මවූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති ක්‍රීඩයකයෙකි.  ඔහු සිය ධාවන කටයුතු ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 89 දී බව සඳහන් වේ.

සිං 2000 දී ලන්ඩන් මැරතන් තරඟයට සහභාගි වී ඇත්තේ ඔහුට වයස අවුරුදු 89 ට මාසයකට පෙරය.

ඔහු පැය 06ක් සහ මිනිත්තු 54 කින් තරඟය අවසන් කළ අතර, එය කැපී පෙනෙන ගමනක ආරම්භය සනිටුහන් කළේය. 2003 දී,ටොරොන්ටෝ වෝටර්ෆ්‍රන්ට් මැරතන් තරඟයේදී, පැය එකයි මිනිත්තු පහකින් ඔහුගේ කාලය විශ්මයජනක ලෙස අඩුකර ගනිමින්, පැය 05යි මිනිත්තු 40 කින් තරඟය නිමකර තිබුණි.

2003 දී ඇඩීඩාස් ඔවුන්ගේ Nothing Is Impossible වෙළඳ දැන්වීම් ව්‍යාපාරය සඳහා ඔහුව අත්සන් කළ විට සිං ජාත්‍යන්තර කීර්තියට පත්විය. 2005 වසරේ දී, එවකට පකිස්තාන අගමැති විසින් ඔහුට ලාහෝර් ආරම්භක මැරතන් තරඟයට සහභාගී වීමට ආරාධනා කර තිබේ. 2006 දී, බකිංහැම් මාලිගය නැරඹීමට ද ඔහුට දෙවන එලිසබෙත් රැජිනගෙන් විශේෂ ආරාධනයක් ලැබී ඇත.

වයස අවුරුදු 100 පසු වූ පසුත් මැරතන් තරඟ දිගටම කරගෙන ගිය සිං ට “Turbaned Tornado” යන අන්වර්ථ නාමය ද හිමි විය.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා පන්දම් දරන්නා වූ සිං, ඔහුගේ ධාවන දිවිය තුළ සන්ධිස්ථාන කිහිපයක් වාර්තා කර  තිබේ, 2011 දී ටොරොන්ටෝ හි සම්පූර්ණ මැරතන් තරඟයක් සම්පූර්ණ කළ පළමු වසර 100ය සපිරුණු ක්‍රීඩකයා ලෙසය.

2013 දී, ඔහු හොංකොං හි ඔහුගේ අවසන් දිගු දුර තරඟකාරී තරඟයට සහභාගී වූ අතර, පැයයි මිනිත්තු 32ක් සහ තත්පර 28 කින් කිලෝමීටර් 10 ක දිවීමක් සම්පූර්ණ කිරීමට සමත් විය.

1911 වසරේ දී උපන් බවට උප්පැන්න සහතිකයක් පෙන්වීමට නොහැකි වීම නිසා ලොව වයස්ගතම මැරතන් ධාවකයා බවට ඔහුගේ ප්‍රකාශය ගිනස් ලෝක වාර්තා විසින් පිළිගනු ලැබුවේ නැත.

සිංගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ ඔහුගේ උපන් දිනය 1911 අප්‍රේල් 1 ලෙස දක්වා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.