වනිඳුගෙන් වාර්තාගත පන්දු යැවීමක්

2024 අප්‍රේල් මස 25 ප.ව. 05:38 - {{hitsCtrl.values.hits}}  

අබුඩාබි T-10 ලීග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමට හිමි වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත්විය. ඒ එම තරගාවලියේ වනිඳු ක්‍රීඩා කරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදීය.

මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලකට ලකුණු 140ක් රැස්කිරීමට සමත්විය.

එහිදී ආරම්භක පිතිකරු ටොම් කැඩ්මොර් පන්දු 39කදී ලකුණු 96ක් රැස්කිරීමට සමත්විය. ඒ හයේ පහර පහක් හා හතරේ පහර 12ක් සමගිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී  රැස්කළ හැකිවූයේ ලකුණු 78ක් පමණි. මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තමාට හිමි පන්දුවා දෙකේදී ලකුණු 8ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්විය.

බංග්ලා කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන පන්දු 11කදී ලකුණු 33ක් රැස්කිරීමට සමත්විය.

දින පොත