වසර 26ක් පැරණි රිටි පැනීම ලෝක වාර්තාව අලුත් වෙයි
- 2020-09-21 13:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට ස්වීඩනයේ අර්මාන්ඩ් ඩුප්ලටිස් සමත් විය. ඉතාලියේ රෝම නගරයේ පැවති මලල ක්‍රීඩා (Golden Gala) තරගාවලියකදී ඔහු මීටර 6.15ක ක දක්‍ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටුවීය. මෙහිදී ඩුප්ලටිස් විසින් බිඳහෙලනු ලැබුවේ මීට වසර 26කට පෙර එනම්, 1994 වසරේදී සර්ජි බුබ්කා විසින් මීටර 6.14ක දක්‍ෂතාවක් දක්වා පිහිටුවා තිබූ වාර්තාවයි.
ඇමරිකාවේ උපත ලබා මේ වන විට ස්වීඩනය වෙනුවෙන් ක්‍රීඩාකරන 20 හැවිදිරි ඩුප්ලන්ටිස්, රිටී පැනීම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාවටද හිමිකම් කියයි. මෙම වසරේ පෙබරවාරි මස ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවති තරගාවලියකදී මීටර 6.18ක දක්‍ෂතාවක් දක්වමින් ඔහු එම වාර්තාව පිහිටුවා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments