Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත .ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන  පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ලබන මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන සියළුම මුදල් කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන වෙනුවෙන් බැර කෙරෙනු ඇත.

1996 වසරේ ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුළත් ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනු ඇත.

ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින, නැගී එන සහ සංවර්ධන සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ලබන මැයි 04වැනිදා ප.ව. 7.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.