Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මිලියන පහකට වඩා වැඩි ඉතාමත් සුළු ජනගහනයක් සිටින යුරෝපීය රාජ්‍යයක් වන නෝර්වේ, 2022 බීජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලහි පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින් තරගාවලිය අවසන් කර තිබේ.

නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.

නොර්වේ කණ්ඩායම මීට වසර හතරකට පෙර ප්යොන්ග්චැන්ග් 2018 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මෙන්ම, බීජිං ශීත ඔලිම්පික් පදක්කම් සටහනේද ඉහළින්ම වැජඹී ඇත.

කෙසේ වෙතත් නෝර්වීජියානු කණ්ඩායම 2018 දී ලබාගත් සමස්ත පදක්කම් 39ට වඩා මෙවර පදක්කම් 2ක් අඩුවෙන් ලබාගත්තද, රන් පදක්කම් 16 ක් දිනා ගනිමින් ශීත සෘතු ඔලිම්පික් රන් පදක්කම් වාර්තාව බිඳ දැමීය. ඒ අනුව ඔවුන් බීජිං හි ක්‍රීඩා ඉසව් පහළොවෙන්, නවයකම පදක්කම් දිනාගෙන ඇත.

මේ අතර, පදක්කම් සටහනේ රන් පදක්කම් 12ක් දිනාගෙන ජර්මනිය දෙවැනි තැන රැඳී සිටින අතර, රන් පදක්කම් 9ක් ලබාගනිමින් චීනය තෙවැනි තැන රැඳී සිටියි. රුසියානු කණ්ඩායම සමස්ත පදක්කම් සටහනේ දෙවැනි ඉහළම පදක්කම් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ, පදක්කම් 32ක් ලබාගනිමිනි. නමුත් රන් පදක්කම් සමග ඔවුන්ට හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 9 වැනි ස්ථානයයි.

කෙසේ වෙතත්, ෆිගර් ස්කේටින් කණ්ඩායම් ඉසව්වේ පදක්කම් පිළිබඳව තවමත් ප්‍රශ්නාර්ථයක් පවතින අතර, එය රුසියානු කණ්ඩායමේ රන් පදක්කම් හයකට බලපෑම් කළ හැකිය. එහි පදක්කම් ප්‍රදානෝත්සවය කල් දැමුණේ, 15 හැවිරිදි ෆිගර් ස්කේටින් ක්‍රීඩිකාවකගේ මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයක් පිළිබඳ විමර්ශන හේතුවෙනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.