Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නැතහොත් සදාතනික විශිෂ්ටම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට (ICC Hall of Fame) ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ නාමයද එක්කළ බව ලෝක ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේය.

මෙම මස 18 වැනිදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම විශිෂ්ට ක්‍රීඩකයන් නම් කිරීම සිදුකර ඇත.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 05කට අදාළව, ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ලැයිස්තු ගත කිරීමට අයි.සී.සී.ය කටයුතු යොදා ඇත. ඒ අනුව සංගක්කාර සමගින් ලෝක ටෙස්ට් ක්‍රිකට් විශිෂ්ටයින්  10 දෙනෙකු ඒ ඒ යුග අනුව නම්කර ඇත.

මුල් ක්‍රිකට් යුගය (1918 පෙර), අන්තර් යුද යුගය (1918-1945), යුද්ධයෙන් පසු යුගය (1946-1970), එක්දින යුගය (1971-1995) හා නවීන ක්‍රිකට් යුගය (1996-2015) යන ක්‍රිකට් යුගයන් අනුව මෙම සදාතනික ක්‍රීඩක ලැයිස්තුව නම්කර ඇති අතර, ඉන් සංගක්කාර හා සිම්බාබ්වේහි ඇන්ඩි ෆ්ලවර් නවීන ක්‍රිකට් යුගයට ඇතුළත් වෙයි.

මීට අමතරව දකුණු අප්‍රිකාවේ ඕබ්රි ෆෝක්නර් හා ඔස්ට්‍රේලියාවේ මොන්ටි නොබෙල් (1918 පෙර), බ.ඉ. කොදෙව්හි ලියරි කොන්ස්ටන්ටයින් ඔස්ට්‍රේලියාවේ ස්ටැන් මැකේබ් (1918 – 1945), එංගලන්තයේ ටෙඩ් ඩෙක්ස්ටර් සහ ඉන්දියාවේ විනෝ මංකාඩ් (1946 – 1970), බ.ඉ. කොදෙව් දේශයේ ඩෙස්මන් හේන්ස් සහ හා එංගලන්තයේ බොබ් විලිස් (1971-1995) මෙම ලැයිස්තුවට එක්වූ සෙසු ක්‍රීඩකයන් වෙති.

අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට එක්වූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් වන අතර, ඔහු සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදාමෙදා තුර ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් 103 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස්කළ ඇති ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාර එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙසින් පත්වූ පළමු බ්‍රිතාන්‍ය නොවන පුද්ගලයාද වෙයි.

සංජීව ධර්මසේන/ පැතුම් ශ්‍රී විජේරත්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.