Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

සතුන් ගොදුරු කරගන්නා ගිජුලිහිනියන් සහ ගිරවුන් යන පක්ෂින් වර්ග දෙකෙහි මිශ්‍රවීමක් ලෙසින් දිස්වන, ඉතා දුර්ලභ පක්ෂී විශේෂයක් නිව්ගිනියාවේ වනාන්තරවල සහ කඳුකරවල වාසය කරති. පෘථිවියේ වෙසෙන අද්භූදජනක ම, බයංකාර ම ස්වභාවය ගන්නා කුරුල්ලන් වර්ගය මොවුන් බව සැලකේ. ‘ඩ්‍රැකියුලා ගිරවා’ යන නාමයෙන් මෙම පක්ෂියා නම්කර තිබේ.

බාහිර ස්වභාවය බියජනක වුවත්, ඩ්‍රැකියුලා ලෙසින් හැඳින්වුවත් මෙම පක්ෂියා ලේ උරා බොන අයෙකු නොවේ. ඔහුගේ විද්‍යාත්මක නාමය Psittrichas fulgidus ය. එම වර්ගයට අයත් එකම සාමාජිකයා එම පක්ෂියා බව කියැවේ.  

මේ ගිරවා තරමක් විශාලය. තද රතු පැහැති සිරුර වටකරගත් කෙටි කබායක් වැනි, කළු සහ අලු පැහැ පිහාපත් ගෙලෙහි වෙයි. හිසේ ඇති පිහාටු කල්යත්ම හැලෙන්නට ගනී. පබලු මෙන් දිලෙන ඇස්ය. කුඩා වටකුරු හිසෙන් නෙරා ඇති වකුටු වූ හොට සතුන් ගොඳුරු කරගන්නා ගිජුලිහිනියකුගේ වැනිය.

 

සංචාරක ජීවිතයක් ගතකරන මේ ගිරවා, විශේෂ ආහාර රටාවකට හුරුවී සිටී. ශාක කඳන්වලට ඇලී සිටින ජීවින්, කෘමි සතුන්, හානිකර සතුන් ආදිය ද, මල්පැණි සහ මල් කිහිපයක් ද ආහාරයට ගනී.

සෙසු පක්ෂීන් මෙන් මොවුන් අතු මත ඇවිදින්නේ නැත. අත්තෙන් අත්තට පැන පැන යනවා පමණි.

ගැහැනු සහ පිරිමි ඩ්‍රැකියුලා ගිරවුන්ගේ ඇත්තේ සුලු වෙනසකි. පිරිමි පක්ෂියාගේ ඇස්වලට පිටුපසින් රතු පැල්ලමක් වෙයි. ගස්වල විශාල බෙනවල සකසන කැදැලිවල වරකට දෙක බැගින් ගැහැනු පක්ෂියා බිත්තර දමයි. මොවුහු බොහෝවිට යුගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් සිටිති. එක් කණ්ඩායමක ගිරවු 20ක් පමණ වෙති.

එකිනෙකා හා සන්නිවේදනය කිරීම සඳහා ගොරෝසු හඬකින් කෑගසන ඩ්‍රැකියුලා ගිරවුන්ගේ හඬ තරමක් දුරකින් සිට වුවද ඇසීමට හැකිය.

නිව්ගිනියා වනාන්තරවලට අමතරව ඩ්‍රැකියුලා පක්ෂීහු ලෝකයේ සත්වෝද්‍යාන කිහිපයක ද මේවනවිට සිටිති. 

(ඕල් දැට් ඊස් ඉන්ටරස්ටින් ඩොට් කොම් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.