Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

පාපන්දු පිටියේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන් බ්‍රසීල පාපන්දු ශූර පේලේ වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය.

පේලේ බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක තරග දිවියක් තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

1958, 1962 සහ 1970 දී ලෝක කුසලානය ඔසවමින් තුන් වතාවක් ලෝක කුසලානය දිනූ එකම ක්‍රීඩකයා වන පේලේ 2000 දී FIFA හි සියවසේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.

ඔහු පසුගිය වසර කිහිපය තුළ වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත ආබාධවලින් පීඩා විඳිමින් සිටියේය.

සාමාන්‍ය පරීක්ෂණ වලදී බඩවැලේ ගෙඩියක් අනාවරණය වීමෙන් පසු 2021 සැප්තැම්බර් මාසයේදී සාඕ පවුලෝ හි ඇල්බට් අයින්ස්ටයින් රෝහලේදී පේලේ ඔහුගේ බඩවැලේ ඇති ගෙඩිය ඉවත් කිරීමට සැත්කමක් කළේය. 2022 නොවැම්බර් අගදී ඔහුව නැවත රෝහලට ඇතුළත් කරන ලදී.

"පෙලේගේ පෙර සායනික තත්ත්වය හා සම්බන්ධ මහා බඩවැලේ පිළිකා වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බහු අවයවයන් අකර්මණ්‍ය වීම හේතුවෙන්" ඔහු මිය ගිය බව රෝහල තහවුරු කළේය.

පේලේ හිටපු ක්‍රීඩා සමාජයක් වන සැන්ටොස් ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර නිකුත් කළේය. ඒ අනුව සඳුදා උදෑසන ඔහුගේ දේහය රෝහලේ සිට ක්‍රීඩා සමාජයේ Estadio Urbano Caldeira වෙත ගෙන යන අතර එහිදී මහජනතාවට ගෞරව දැක්වීම සඳහා දේය තණතීරුව මධ්‍යයේ තැබීමට නියමිතය.

අඟහරුවාදා, සාඕ පවුලෝ හි සැන්ටෝස් වීදි හරහා පවුලේ පෞද්ගලික සුසාන භූමියක් වෙත පෙරහරින් ගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.