බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කමක්
- 2025-04-29 11:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටවල් දහයක සහභාගීත්වයෙන් පැවති බටහිර ආසියානු යොවුන් වේගී (රැපීඩ්) චෙස් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් ලංකාවට දිනාදිමට කොළඹ විශාකා විදයාලයේ ඒෂා පල්ලේ මිෂෙලා සමත්වුවාය.
ආසියානු චෙස් සම්මේලනයේ පුර්ණ අනුග්‍රාහයෙන් ටජිකිස්ථානයේදි තරගාවලියේ වයස 18න් පහළ බාලිකා වේගී තරග ඉසව්වේ ලෝකඩ පදකම ඒෂා පල්ලේ මිෂෙලා දිනා ගත්තාය.
ඒෂා පල්ලේ මිෂෙලා දිනාගත් මේ ලෝකඩ පදක්කම එම තරගාවලියේදී මෙරටට හිමිවූ එකම පදක්කමද විශේෂත්වයකි. තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චෙස් ක්‍රිඩක,ක්‍රීඩිකාවන් හතර දෙනෙකු සහභාගීවූහ.
ඔවුහු තරගාවලියේ වේගී,අධි වේගී සහ සම්මත යන අංශ තරග තිත්වයටම සහභාගීවූහ. ඒ අතරින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූවේ වේගී තරග ඉසාව්වෙනි. තරග ඉසව්ව සදහා බටහිර ආසියානු රටවලට අයත් වයස 18න් පහළ ක්‍රිඩිකාවන් දහනව දෙනෙකු අතරින් ඒෂා පල්ලේ මිෂෙලා දිනා ගැනීමත් සමගමය.
තරග ලැයිස්තුවේ ඒෂා පල්ලේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු අනුව ස්ථානගතව සිටියේ දහවැනි ස්ථානයේය.
සුසිල් ප්‍රියන්ත
Reply To:
Name - Reply Comment
0 Comments