Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය අතර  ශුරයන්ගේ සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මැයි මස 17 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දේවපතිරාජ විද්‍යාලයේ සත්කාරකත්වයෙන් තරගය මෙවර සංවිධානය කෙරෙනුයේ සිව්වැනි වරටය.‍

ගෙවී ගිය එක් දින තරග තුනේම ජය තමන් සතු කරගැනීමට දේවපතිරාජ විදයාලය සමත්විය. ගෙවීගිය ශූරයන්ගේ සටන එක් දින තරග තුනම අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවති අතර   සිව් වැනි  ශුරයන්ගේ සටන එක් දිනක  ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ   පැවැත්වීම මේ දෙවිදුහලටම නවමු අත්දැකීමක් වනු නොඅනුමානය.

ඒ දෙවිදුහලම මින් පෙර කවදාවත්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් දින  වාර්ෂික  තරගයකට සහභාගී නොවීමෙනි.  සිව් වැනි  ශූරයන්ගේ සටන එක් දින ක්‍රිකට් තරගයේ   පී.ද.එස්. විදුහල් කණ්ඩායම සසිදු කෞෂාන්  මෙහෙයවනු ලබන අතර දේවපතිරාජ විදුහල් කණ්ඩායම  මතීෂ සාරංග මෙහෙයවනු ලබයි.

ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු ඉතිහාසයක් ඇති දේවපතිරාජ විදුහල අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසින් තරග වදින අතර  දශක දෙකක පමණ ක්‍රිකට් ඉතිහාසයක් ඇති පී.ද.එස්.කුලරත්න විදයාලය කඩඉම් කිහිපයක්ම පසු කරමින් දෙවන කොටස දක්වා උසස්වීම් ලබා එම කොටසින් තරග වදියි.

 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.