හෙල්ල විසිකිරීමේ ලංකා වාර්තාව සුමේධ අලුත් කරයි
- 2025-03-09 17:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය.
දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.
එහිදී සුමේද මීටර 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය.
ඔහු විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.
මේ අතර සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාවයත් සමග ඔහු එළැබෙන සැප්තැම්බර් මස ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජුව සුදුසුකම් ලබා ගත්තේය.
ඔහු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව, ඒ සදහා ඍජුව සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්විය.
Reply To:
Name - Reply Comment
0 Comments