Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

කොළඹ ශාන්ත තෝමස් විදුහල හා කොළඹ රාජකීය විදුහල අතර පැවැත්වෙන් මස්ටැන්ග් කුසලාන එක්දින ක්‍රිකට් තරගයේ මේ වසරේ ශූරතාව හිමි කර ගැනිමට කොළඹ රාජකිය විදුහල පසුගියදා සමත්වුණා.

ඒ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කඩුලු හතරක ජයක් වාර්තා කරමින්. මෙම තරගයේදි කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් වාර්තා රාශියක් පිහිටුවමන් අගනා ශතකයක් රැස් කර ගැනිමට ආරම්භක පිතිකරු හිරුන් ලියනාරච්චි සමත්වුණා.

රාජකිය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ හිරුන් පන්දු 120කදී හතරේ පහර 15ක් හා හයේ පහරක් සමගින් ලකුණු 105ක් රැස් කළා.

මෙම ශතකය වාර්තා අතරට එක්වූයේ මස්ටැන්ග් කුසලාන තරග ඉතිහාසයේ රාජකිය විදුහල වෙනුවෙන් වසර 13කට පසුව වාර්තා වූ ශතකය ලෙසයි.

ඊට අමතරව,

වසර 48ක මස්ටැන්ග් කුසලාන තරග ඉතිහාසයේ එක් තරගයදි හොඳම පිතිකරු, තරගයේ විරයා හා නවක ක්‍රිඩකයෙක් ලෙස දැක්වූ හොඳම දක්ශතාව යන කුසලාන ත්‍රිත්වයම හිරුන් ජයගත් අතර එවැන් දක්ශතාවක් දැක්වූ පළමු ක්‍රිඩකයා ඔහු වෙයි.

රාජකිය විදුහල වෙනුවෙන් සිය මංගල තරගයේදිම මස්ටැන්ග් තරගයක ශතකයක් රැස් කළ පළමු පිතිකරු හිරුන් වෙයි.

මස්ටැන්ග් කුසාලන ඉතිහාසයේ ශතකයක් රැස් කළ පස්වැනි ක්‍රිඩකයාද ඔහු වෙයි. 

යන වාර්තාද හිරුන්ගේ නමට ඉදිරියෙන් ලියවුණා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.