Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන චීනයේ හුබෙයි පළාතට ආවේණික නැටුම්, ගැයුම්, සංගීත, සර්කස් සමඟින් ඉදිරිපත් කරන ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 2019 ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම නෙලුම් පොකුණ රගහලේදී පැවැත්විණ.

ඊට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථනයේදී හූබෙයි පළාතේ විවිධ සංස්කෘතික අංශයන් නියෝජනය කරමින් නැටුම්,  ගැයුම්,  සංගීත,  චිත්‍ර,  ඡායරූප, මෙන්ම විවිධ සංස්කෘතික උරුමයන් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ඡායරූප හා චිත්‍ර ශීල්පීන්ගේ නිර්මාණද හුබෙයි පළාතේ සංචාරක අත්දැකීම් ද ඇතුළත් දැක්මක් ද මෙයට ඇතුළත්ය. ප්‍රථම වතාවට මෙවර කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේදී ද ප්‍රදර්ශනය කෙරිණ. එය උතුරු ජනතාවට ලැබුණු දුර්ලභ අවස්ථාවක් බව චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නිවේදනය කරයි.  මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික, සංචාරක අමාත්‍යංශය, හුබෙයි පළාතේ මහජන රජය හා චීනයේ හුබෙයි පළාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබිණි. 
ප්‍රදර්ශනය හා සංදර්ශනය ඉදරිපත් කිරීම චීනයේ හුබෙයි ප්‍රාන්ථයේ කලා නිර්මාණ පිළිබඳ වෘත්තීය පාසල, හුබෙයි පළාතේ ජනකලා මධ්‍යස්ථානය, පළාත් ලලිත කලා ආයතනය පළාත් අසපෘශ්‍ය උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානවල නිර්මාණවේදීන් සහයෝගයෙන් සිදුවිය.

තිලක් ඉන්දික  සෙනෙවිරත්න

ඡායාරූප- ඒෂාන් ප්‍රනාන්දු

චීනයේ ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 24 සිට 28 දක්වා

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.