Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

වායු දූෂණය හේතුවෙන් දකුණු ආසියානු කාන්තාවන්ගේ ගැබ්ගැනීමේ ශක්‍යාතාව නැතිවීම, ගබ්සාවීම්, මළ දරු උපත් වැනි අවදානම් තත්වයන්ට මුහුණදීමට සිදුවන බව නවතම පරීක්ෂණයකින් හෙළි වී තිබේ. 
ඒ අනුව, ඉන්දියාව, බංගලාදේශය සහ පාකිස්ථානයේ වසරකට 349,681ක පමණ ගැබ්ගැනීම් අහිමිවන බව පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත.

අපිරිසිදු වායුව හේතුවෙන් ගැබිනි මාතාවන්ට වන බලපෑමෙන් ගබ්සාවීම්, නොමේරූ සහ අඩු දරු උපත් සිදුවූ බව මුලදී සොයාගැණිනි. තවත් පර්යේෂණයකින් අනාවරණය වූයේ, එම වායු තත්වයන්ට දීර්ඝ කාලීනව මුහුණදීමෙන් එය මවගේ ඩිම්බය, වැදෑමහ සිදුරු කරන අතර, ක්‍රමයෙන් ගර්භාෂයේ කලලය වෙතද සමීප වන බවයි. නමුත්, වායු දූෂණයෙන් දකුණු ආසියාවේ කාන්තාවන්ගේ ගැබ්ගැනීම් වළකාලන බව සංඛ්‍යාත්මක වශයෙන් ගණනය කර බලන ලද්දේ මෙම නවතම අධ්‍යයනයෙනි.

පෘථිවියේ දූෂිතම වායු සහිත කලාපය ලෙස සැලකෙන්නේ දකුණු ආසියානු කලාපයයි. එහි වායු දූෂණයේ අගය පීඑම් 2.5කි. මෙය ඉතා බරපතල තත්වයක් බව කියවේ. මෙම අංශු කෙළින්ම ආශ්වාස කිරීමේදී පෙනහලු වෙත ගොස් රුධිරයට එක්වෙයි. එම අංශු සැකසී ඇත්තේ, දූවිලි, සිගරට් දුම්, ඉදිකිරීමේ වැඩබිම්වලින් නගින අංශු, කොන්ක්‍රීට් නොදමන ලද මාර්ග, කර්මාන්තශාලාවලින් නිකුත් කෙරෙන අපවිත්‍ර වායු, ගිනි ගැනීම්වලින් නගින දුම් ආදියෙනි. එබැවින් මෙහි විවිධ රසායනික පවතී. නමුත් බොහෝදුරට වායු අපවිත්‍රවන්නේ, කර්මාන්තශාලා ආශ්‍රිතව, බලාගාරවලින් නිකුත්වන දුම් සහ වාහන දුම් මගිනි.

2000 සිට 2016 දක්වා වසරවල දකුණු ආසියාවේ ගැබ්ගැනීම් අහිමිවීම 7.1%ක්ව පැවතිණි. නවතම පර්යේෂණයට අනුව, ගැබ්ගැනීම් අහිමි වූ කාන්තාවන් 34,197දෙනෙකු පර්යේෂණය සඳහා යොදාගැනිනි. එයින් 27,480කට ගබ්සාවීම්ද, 6, 717කට මළ දරු උපත්ද සිදු ව ඇත. ඉන්දියාවේ 77%ක්, පකිස්ථානයේ 12%ක් සහ බංගලාදේශයේ 11%ක් සඳහා ගැබ්ගැනීම අහිමිව ඇත.

ඉන්දියාවේ සහ පකිස්ථානයේ උතුරු ප්‍රදේශවල ගස් නොමැති, භූමි පෙදෙස්වල සිටින කාන්තාවන්ට ගැබ්ගැනීම් අහිමිවන බව අනාවරණය වී තිබේ.

කාලගුණ සහ දේශගුණ විපර්යාස නූතනයේ ජීවත්වන සෑම දරුවකු කෙරෙහිම බලපෑමක් ඇතිකරමින් සිටින බැවින් පර්යේෂකයන් පවසන්නේ, මෙම සොයාගැනීම මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් වැදගත් බවය.  

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, සෑම වසරකදීම වායු දූෂණයේ බලපෑම හේතුවෙන් ඇතිවන හෘද රෝග, පෙනහලු පිළිකා, කල්පවතින ශ්වසන රෝග ආදියට ලෝකයෙන් මිලියන 4.2 ක ප්‍රමාණයක් මිය යන බවය.


(සී.එන්.එන්. ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.