වඳවීයන ශාකය ගලවා සිටුවීමට වනජීවීයේ අවසරය
- 2020-12-23 22:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත.
එම ශාකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තම සමාගම වෙත අවස්ථාව දෙන්නැයි එම සමාගම මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසරය සදහා ඉදිරිපත් කර ඇති අතර මෙම ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි.
එකී ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු විද්වත් මණ්ඩලයක ගේ අනුමැතිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකිරීම සම්බන්ධව ද විරුද්ධත්වයක් නොමැති බව ද එම ලිපිය මගින් දන්වා යවා ඇත.
1911දී හමුවූ කෲඩියා සිලනිකා ශාකයෙන් පසු මුල්වරට හමුවී ඇති මෙම ශාඛය මධ්‍යම අධීවේගීමාර්ගයේ පළමු අදියරේ මාර්ගය තුළ පිහටා ඇති බවත් එම ශාඛ්‍ය නිසා අධිවේගී මාර්ගයේ එක් ස්ථානයක් වෙනස් කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා ඊට හානි නොවන පරිදි සුදුසු වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධව විරෝධයක් නොමැති බව ද සූරියබණ්ඩාර මහතා සිය ලිපියෙන් දන්වා ඇත.
කෙසේ වෙතත් එම ශාඛය වනජීවී රක්ෂිතයක හෝ සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි නොගැඹුරු ජලය සහිත පරිසර පද්ධතියක් ආශ්‍රිතව ප්‍රතිස්ථාපනය කළ යුතු බව ද එම ලිපිය මගින් දන්වා තිබේ.
මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල තෙත් බිමෙහි ගොල්ෆ් පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා මේ වනවිට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කරමින් සිටින සමාගම වේ. (විනීතා එම් ගමගේ)
Reply To:
Name - Reply Comment
0 Comments