සීනිමොටයි වැනි ‘හිමකෙස්’ අයර්ලන්තයට පතිත වෙයි
- 2021-01-11 13:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උතුරු අයර්ලන්තයේ ෆර්මැනග් සහ ටයිරෝන් යන පෙදෙස්වලට සුදු පැහැ සීනි මොටයි ස්වභාවය ගත් හිම පතිත වී තිබේ. මේවා සාමාන්‍ය ස්වරූපයෙන් කෙස් වැනිය.‘හිම කෙස්’ යනුවෙන් මේ හිම නම්කර තිබේ.
ගස්වල අතු මත වැටුණු මේ හිම සමීපයට ගොස් බැලූ විට දහස් ගණන් තනි තනි සුදු පැහැ හිසකේ සමූයක් ලෙසින් පෙනෙන්නට ගනී.මිනිස් අතකින් ස්පර්ශ කළ සැණින් හෝ හිරු රැස් පතිත වූ සැණින් මේ හිම දිය වී යයි.
සීත සෘතුවේ රාත්‍රීන්වල පරිසරයේ උෂ්ණත්වය බින්දුව වනවිට හිම ස්පටික පැරණි දැවකඳන් මතට වැටෙන්නට ගනී.
විද්‍යාඥයන් සඳහන් කරන්නේ, එසේ වැටෙන හිම, හිසකෙස් බවට සිහින් වන්නේ දිලීරයක් හේතුවෙන් බවය.
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments