බ්‍රිතාන්‍ය රැජන රචනා තරගාවලියෙන් දෙසොයුරන්ට රන් හා ලෝකඩ සම්මාන
- 2021-10-13 13:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රිතාන්‍ය රැජනගේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය මෙහෙයවන ලද ඉංග්‍රීසි අංශයේ රචනා තරගයෙන් (The Queen’s commonwealth essay competition - 2021) මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ සම්මානයක් දිනා ගෙන ඇත.
එම විදුහලේ උසස් පෙළ හදාරන දින්සර ආරියවංශ රන් සම්මානයක් ද, අට වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලින ආරියවංශ ලෝකඩ සම්මානයක් ද මෙලෙස හිමි කර ගෙන ඇත. “කෝවිඩ් වසංගතයෙන් අවුරුදු තිහකට පසු” ජ්‍යේෂ්ඨ අංශය සඳහා ද, “කෝවිඩ් වසංගතය ගැන කෞතුකාගාරයට ලිපියක්” කනිෂ්ඨ අංශය සඳහා ද මාතෘකා වූ අතර, මෙම තරගය සඳහා තරගකරුවෝ 26000ක් පමණ සහභාගි වූහ. දින්සර හා දිලින තමන්ට හිමි වූ සම්මාන අතැතිව මුහුණ දුන් අයුරු මෙහි දැක්වේ.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments