මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -2022 මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය තුන්වැනි තැ
- 2022-08-23 19:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.
පසුගියදා නුගවෙල මධ්‍ය මහා විද්‍යාල භුමියේ දී පැවති මෙම කඳවුරේ ශාරීරික අභ්‍යාස අංශයේ ප්‍රථම ස්ථානයත්, විවිධත්ව ප්‍රසංග පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානයත් සහ ඝන සරඹ පරීක්ෂණයෙන් තුන්වැනි ස්ථානයත් දිනා සමස්ත තෙවැනි ස්ථානයට පත්වුණි.
මැණික්හින්න, පිලවල මහා විද්‍යාලය විද්‍යාලාධිපතිනි ඩී.එච්.එච්.එම්.ඩී.යූ. දුනුවිල මහත්මියගේ මග පෙන්වීම යටතේ, ක්‍රීඩා භාර ආචාර්ය පුෂ්පා කරැණාරත්න මහත්මිය සහ පුහුණුකරැ එච්.එම්. එච්. ටි බණ්ඩාර මහතා මෙම ශිෂ්‍ය භට කණ්ඩායම වෙත පුහුණුව ලබා දුන්නේය.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments