අඹගමුව ශ්‍රි විජයබා දහම්පාසලේ තෑගි ප්රදානෝත්සවය දා...
- 2020-09-09 14:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඹගමුව ශ්‍රි විජයබා විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික තෑගි හා සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවය ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති ෆුමියෝ ටනිකන්වා මහතාගේ හා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්වුණි.
අඹගමුව ශ්‍රි විජයබා විහාරාධිපති උඩ බුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අඹගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය හගරාපිටියේ නන්දසාර නායක හිමියන්ගේ අනුශාසනා මත මෙම වාර්ෂික තෑගි හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය සංවිධානය කළ බව එම විහාරස්ථානයේ විහාරවාසි කුරැණෑගල රම්බඩගල්ල විද්‍යා සාගර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ඉල්පේමඩ සුදස්සි හිමියෝ පැවසූහ.
එම දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් දහම් දැනුම, කථික, රචනා, චිත්‍ර, මවුගුණ ගායනා, ආදි වශයෙන් විවිධ දස්කම් දැක්වු සිසු සිසුවියන් 225 දෙනකුට මෙදින තෑගි හා සහතික පත් පිරිනමන බවද ඉල්පේමඩ සුදස්සි හිමියෝ පැවසූහ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments