මහනුවර උසස් බාලිකා විදුහලේ කනිෂ්ඨ හා අන්තර් මධ්‍ය ශිෂ්‍ය නිල කමිටුව දිව්රුම් දෙයි.
- 2021-02-22 12:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ 6-8 කනිෂ්ඨ සහ 9-11 අන්තර් මධ්‍ය ශිෂ්‍ය නිල කමිටුව දිව්රුම් දීම සෞඛ්‍ය වෛද්‍ය උපදෙස්වලට අනුගත ව විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සහකාර විදුහල්පතිනි පූජිමා අදිකාරි, කුමාරි හේරත් යන මහත්මීන් මෙම වැඩසටහන සංවිධානය කළ අතර එහි දී ශිෂ්‍ය නිල කමිටුවේ සාමාජිකාවෝ 56ක් දිව්රුම් දුන්හ.
කනිෂ්ඨ අංශයේ ක්‍රීඩා නායිකා සනලි සපරමාදු, ශිෂ්‍ය නායිකා මයුමි හෙට්ටිආරච්චි, අන්තර් මධ්‍ය අංශයේ ක්‍රීඩා නායිකා ප්‍රශංසා පේමනාත්, ශිෂ්‍ය නායිකා කිරුතිකා කාර්තිකේයන් වෙත විදුහල්පතිනිය නිල ලාංඡන පැලඳවූ අයුරු සහ කණ්ඩායම් දිව්රුම් දුන් අයුරු මෙහි දැක්වේ.
ඇන්ටන් විජේරත්න විසිනි.
Reply To:
Name - Reply Comment
0 Comments