මහනුවර උසස් බාලිකාවේ උසස් පෙළ ඒ තුන විශිෂ්ටයෝ 54ක්
- 2021-05-18 18:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉකුත් දා නිකුත් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මහනුවර උසස් බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් ජීවවිද්‍යා අංශයෙන් 10ක්, භෞතික විද්‍යා අංශයෙන් 7ක්, වාණිජ අංශයෙන් 25 සහ කලා අංශයෙන් 12ක් වශයෙන් 54දෙනකු ප්‍රධාන විෂයයන් තුනට ම ඒ සාමර්ථ්‍යයන් ලබා ඇත.
ඒ අතුරින් කලා අංශයෙන් ඩබ්ලිව්. ඩබ්ලිව්. විශ්වනී මදාරා ශිෂ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි තැන ද, දිවයිනේ 23 ස්ථානය ද, ජීවවිද්‍යා අංශයෙන් ඊ. එම්. නුමායා එල්. ඒකනායක ශිෂ්‍යාව දිස්ත්‍රික්කයේ 5 වන ස්ථානය ද හිමි කර ගෙන ඇත. ඒ ඒ විෂය ධාරාවලින් දිස්ත්‍රික්කයේ 11, 12, 14, 17, 19 වශයෙන් 20ට අඩු කුසලතාවන් වාර්තා කර ඇත.
විවිධ විෂය ධාරාවලින් විභාගයට ඉදිරිපත් වූ 787කින් 684 දෙනකු ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබා ඇති බව සඳහන් කළ උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය, කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ පාසල වසා දමා තිබිය දී, විදුහල මගින් ක්‍රියාත්මක කෙරුණු අඛණ්ඩ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය හා ගුණාත්මක ව ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යෘපෘතිය මෙම විශිෂ්ට ප්‍රතිඵලයට හේතු වූ බව ද, එම ප්‍රතිඵල අත් කර ගත් දරුවන්ට සුබ පතන බවත්, මෙම ජයග්‍රහණ අත් කර දීමට කැපවූ ගුරු මණ්ඩලයටත්, දරුවන්ගේ දෙමාපියන්ටත් මෙහි දී විශේෂ ස්තුතිය හිමි කරන බව ද සඳහන් කළා ය.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments