අඩි 42000ක් ඉහළ අහසේදී උපත ලැබූ බිළිදිය
- 2017-04-09 14:53:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිනියාවේ සිට බුර්කිනාෆාසෝ දක්වා පාකිස්තානයට ගමන් කරමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී ගැබිනියක් සිය දරුවා ප්‍රසූත කර තිබේ.
ගුවන් යානය අඩි 42000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණ විටදී නාෆි ඩියාබි නම් කාන්තාවක් මෙසේ දරුවා ප්‍රසූත කරතිබේ.
ගුවන් යානා කාර්ය මණ්ඩලය හා එම අවස්ථාවේ ගුවන් යානාවේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු මවගේ දරු ප්‍රසූතිය සඳහා සහාය ලබා දී ඇත.
ගැබිනිය 28 වැනි සතියේදි මෙසේ දරුවා ප්‍රසූත කරතිබේ. මව හා බිළිඳිය මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
බොහෝ ගුවන් යානා සති 36ට අඩු ගැබිනියන් සඳහා ගුවන් මගින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන නමුත් සති 28ට වැඩි ගැබිනියන් දරුවා ප්‍රසූත කිරීමට නියමිත දිනය වෛද්‍යවරයෙකු ලවා සහතික කර ගතයුතුය.
2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාවේ සිට චීනය බලා ගමන් කරමිත් තිබූ ගුවන් යානයකදීත් ගැබිනියක් බිළිදියක ප්‍රසූත කළාය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments