Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පුංචි මෝටර් රථයක් තරම්

කුඩා මෝටර් රථයක් තරම් වූ ඉබි කටුවක් සහිත යෝධ ඉබ්බෙකුගේ පොසිලයක්  දකුණු ඇමරිකාවේ, කොලොම්බියාවේ ටටකාවෝ කාන්තාරයෙන් සහ  වෙනිසියුලාවේ උරුමකෝ ප්‍රාන්තයෙන් හමු වී තිබේ. මේ පොසිලය වසර මිලියන 13ත් 7ත්   අතර කාලසීමාවක් තරම් පැරණි බව පර්යේෂකයෝ පවසති. මෙම  ඉබිකටුව මීටර 3ක් පමණ දිගය. ඉබ්බා ටොන් 1.25ක් පමණ බරැති බව ඔවුහු කියති.

නම ස්ටුපෙන්ඩෙමිස්

පොසිලය හිමි යෝධ ඉබිමුත්තා  Stupendemys geographicus  නම් ජීව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.   මීට වසර මිලියන 70කට පමණ පෙර පෘථිවියේ විසූ බව කියන Archelon නම් සාගර කැස්බෑවාට පසු සිටි විශාලතම ඉබි විශේෂය Stupendemys ය. ඩයිනෝසර් අවධියේ අවසන් කාලයේ සිටි බව කියන මේ විශාල සාගර කැස්බෑවා මීටර් 4.6ක් පමණ දිගින් යුතුය.

සටන් කරන්න උල් අං

මේ යෝධ ඉබ්බාගේ කටුවේ දෙපසම, ගෙල අසළ වන්නට උල් අං වැනි යමක් පිහිටා ඇත. ගැහැනු ඉබ්බන්ගේ දක්නට නැති මෙම කටු තවත් ඉබ්බන් සමග සටන් කිරීමේදී ප්‍රයෝජනයට ගන්නට ඇතැයි පොසිලයේ වූ ගැඹුරු කැළැල් අනුව පැහැදිලි වන බව පර්යේෂකයෝ පවසති.

වැව් පතුලේ වාසේ

මේ යෝධ ඉබ්බා ගංගා තීරවල හෝ වැව් පතුල්වල විශාල කිඹුලන් සමඟ සිටින්නට ඇතැයිද, එහි සිටි කුඩා සතුන්, කොළවර්ග ආහාරයට ගන්නෙට ඇතැයිද පර්යේෂකයෝ අනුමාන කරති.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.