අලි පැටවකු බේරාගැනීමට ගිය අලි හයදෙනෙකු දිවි අහිමිවේ
- 2019-10-07 13:01:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තයේ කාවෝ යායි ජාතික වනෝද්‍යානයේ දිය ඇල්ලකට වැටුණු අලි පැටවකු බේරාගැනීමට ගිය අලි හයදෙනෙකු එහි වැටී මිය ගොස් ඇත. තවත් අලි දෙදෙනෙකු එහි බෑවුමක කලබලයෙන් සැරිසරමින් සිටි බවත්, වනෝද්‍යානයේ නිලධාරීන් ඔවුන්ව වනයට එළවා දැමූ බවත් වාර්තා වේ. හීව් නරෝක් නම් වන මෙම දියඇල්ල අපායේ ඇල්ල ලෙසින් තායිවැසියෝ හදුන්වති. මෙවැනි සිදුවීම් රැසක් මෙම දියඇල්ල හේතුවෙන් මින් පෙරද සිදුව ඇත. 1992දී දියඇල්ලට වැටුණු අලි 8ක් මිය ගියහ.
අලි රංචුවක් දියඇල්ලේ ජලය ගලන මාර්ගයේ බාධකයක් නිර්මාණය වන සේ පේළියට සිටින බව වනෝද්‍යාන නිලධාරීන්ට ආරංචි වී ඇති අතර, පසුව අවුරුදු 3ක පමණ අලි පැටවකුගේ මළ සිරුරක්ද, තවත් අලි පස්දෙනෙකුගේ සිරුරුද පාවෙමින් තිබියදී සොයාගැනිනි. තවත් අලි දෙදෙනෙකුගේ සිරුරු සොයමින් පවතින බවද බලධාරීහු පැවසූහ. ශෝකය පළකිරීමේ සංඥා නිකුත් කර සත්වයකු ලෙස අලි නම්කෙරේ.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments