Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගැම්බියාවේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඇඩමා බැරෝ ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භකිරීම සඳහා අද (ජන. 26) සිය රටට පැමිණි බිබිසිය වාර්තා කරයි. හිටපු ජනාධිපති යාය ජම්මෙ රටින් පිටවී දින කිහිපයකට පසුව ඔහු ගැම්බියාවට පැමිණියේය. පසුගිය දෙසැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබූ බැරෝ සෙනෙගාල් රාජ්‍යයේ සිටි අතර පරාජයට පත්වූ ජම්මෙ බලය අතහැරීම ප්‍රතික්‍ෂේප කළේය.

ගැම්බියාවට ගොඩ බැසීමෙන් අනතුරුව නිකුත් කළ ට්විටර් පණිවිඩය

 Copyright - TWITTER ගැම්බියාවට ගොඩ බැසීමෙන් අනතුරුව නිකුත් කළ ට්විටර් පණිවිඩය

මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගන්නා බව පවසමින් හිටපු ජනාධිපති යාය ජම්මෙ තවත් මාස තුනකට සිය ධූර කාලය දීර්ඝ කර ගත්තේය.

අගනුවර දැඩි ආරක්‍ෂාව

Copyright - AFP  අගනුවර දැඩි ආරක්‍ෂාව

මේඅතරතුර ඇඩමා බැරෝ, සෙනෙගාල් රාජ්‍යයේ පිහිටි ගැම්බියානු තානාපති කාර්යාලය තුළදී ගැම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්ණේය.

කෙසේ නමුත් කලාපීය නායකයන් වෙතින් එල්ලවන පීඩනය හමුවේ, වසර විසි දෙකක් රට පාලනය කළ යාය ජම්මෙ සිය ධුරයෙන් ඉවත්වී රටින් පිටවීමට එකඟ විය.

(බිබිසි සන්දේශය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.