ඇත් දළින් සැකසූ ආභරණයක් තුළ මැමත් ඩී.එන්.ඒ. හමුවෙලා
- 2019-01-29 20:29:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාම්බෝජියාව තුළ අලෙවිය සඳහා තබා තිබූ ඇත් දළින් නිර්මාණය කළ කුඩා ආභරණයක් තුළ මැමත් සත්ත්වයෙකුගේ ඩී.එන්.ඒ. තිබී හමුවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ලොව තුළ ඇත් දළ නිර්මාණ යටතේ මෙම ලොම් පිරුණු මැමත් සතුන්ගේ දළ පවා සංසරණය වන බව පැහැදිලි යැයි කාම්බෝජ විද්‍යාඥයන් පවසයි.
කාම්බෝජය තුළ නීතිවිරෝධී වන මෙම ඇත් දළ වෙළෙදාම යටතේ වෙළෙද පොළේ තිබී හමුවන ඇත් දළින් නිපදවන නිර්මාණ කවර ඇතෙකුගේ දළයකට අයත් දැයි විමසා බැලෙන ජාන පරීක්ෂාවක් සාමාන්‍යයෙන් සිදු කරයි. මෙම මැමත් ඩී.එන්.ඒ. හමුවී ඇත්තේ එවැනි පරීක්ෂාවකදීය.
&ඇස්තමේන්තුව අනුව ලොව පුරා ඇත්දළ වෙනුවෙන් වාර්ෂිකව ඇතුන් 30,000 ක් පමණ මරා දැමෙනවා. ඒ වගේම තමයි ආසන්න කාලයේදී කාම්බෝජය තුළ ඇත්දළ අලෙවියත් ඉහළ ගිහින්. ඒ නිසා මේ ඇත් දළ එන්නේ කොහෙන්ද කියලා වටහා ගැනීම එම නීතිවිරෝධී වෙළෙදාමේ මාර්ග ඇහිරීමට බලධාරීන්ට උදව්වක්.* කාම්බෝජයේ ක්‍රියාත්මක වනජීවී සංරක්ෂණ සංවිධානයක කළමනාකරුවෙකු වන ඇලෙක්ස් බෝල් පවසයි.
අදින් වසර 10,000කට පමණ පෙරාතුව ලොව විසූ බව පැවසෙන මෙම මැමත් සත්වයන්ගේ පොසිල බවට පත් වූ අස්ථි කොටස් සහ දළ ලොව විවිධ ප්‍රදේශවලදී හමුවී ඇත. එහෙත් වඳවූ මේ විශේෂයේ එම කොටස් ආරක්ෂා කිරීම සඳහා කිසිදු ජාත්‍යන්තර එකඟතාවක් නොමැතිවීම ගැටලුවකි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments