ඇත් දළ වෙළදාම නිසා අප්‍රිකාවේ අලි ගහණය 20 % කින් පහත වැටිලා
- 2016-09-29 13:18:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇත් දළ වෙළෙදාම නිසා අප්‍රිකාවේ අලි ගහණය 20% කින් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු අලින් ගේ මෙම විනාශයට හේතුවී ඇත්තේ අප්‍රිකාවේ පවතින ඇත් දළ වෙළදාමය.මේ නිසා අප්‍රිකාවේ අලි ගහණය දැඩි තර්ජනයකට මුහුණ පා ඇති අතර මෙම වසරේදී වසර 25 ක් තුළ දක්නට ලැබුණු උපරිම අලි ගහනයේ අඩු වීම ලෙස මෙය වාර්තා වී තිබේ.
පරිසර සංරක්ෂණය පිළිබඳ වනඅන්තර්ජාතික සංගමය (IUCN) මෙම තොරතුරු හෙළි කර ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ විවිධ ස්ථානවලින් ගත් ඇස්තමේන්තු 275 කට අනුකූලවය.මෙයට අනුව, අප්‍රිකාවේ මුළු අලි ගහණය මේ වන විට 415,000 ක් පමණ වන අතර පසුගිය දශකය තුළ මෙම ගහණය 111,000 කින් අඩුවී තිබේ. පරිසර සංරක්ෂණය පිළිබඳ වනඅන්තර්ජාතික සංගමයසඳහන් කරන්නේ ලොව පුරා ඇත් දළ වලට ඇති ඉල්ලුම අධික ලෙස වැඩිවීම තුළින් අලි ඇතුන් දඩයම් කිරීම මෙයට මූලික හේතුව වී ඇති බවය.
“ඇත් දළ සදහා ඇතුන් දඩයම් කිරීම මහා පරිමාණයෙන් සිදුවීම ආරම්භ වුණේ වසර 10 කට පෙරයි. 1970,1980 දශකවලට පසු අප්‍රිකානු අලින් මෙලෙස අඩුවීමට හේතුව වී ඇත්තේ එයයි* සංගමයේ ප්‍රකාශයක සඳහන්වේ.
එමෙන්ම අලි ඇතුන්ට සුදුසු වාසස්ථාන සීඝ්‍රයෙන් අඩුවීමද මෙයට බලපානා බවද පැවසෙයි. IUCN සංගමයේ ප්‍රධානී පවසන්නේ මෙය කම්පාවට කරුණක් මුත් පුදුමයට කරුණක් නොවන බවයි.
මෙම වාර්තාව එළි දැක්වූයේ අන්තර්ජාතික වනජීවී වෙළදාම පිළිබද වන ලොව විශාලතම සම්මේලනයේදී වන අතර මෙය පසුගියදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි දී පැවැත්විණි.
මෙහිදී පරිසරවේදීන් හා රාජ්‍ය නිලධාරීන් දහස් ගණනක් දැනට උත්සාහ ගන්නේ තර්ජනයට ලක්වූ විවිධ සත්ව විශේෂයන් සංරක්ෂණය කිරීම සදහා අන්තර්ජාතික වෙළද නියාමනයන් සකස් කිරීමටය.
නීතිවිරෝධී වනසත්ව දඩයම් ඉතා වැඩිවීම හේතුවෙන් දැනට පවතින“තර්ජනයට ලක්වූ විශේෂයන්ට අදාළ අන්තර්ජාතික වෙළදම් පිළිබද වන සම්මුතිය*(Convention onInternationalTrade in Endangered Species (CITES) කෙරෙහිද දැඩි පීඩනයක් එල්ල වීතිබේ. දැනට මේ සදහා අත්සන්කර ඇති රටවල් ගණන 180 ක් පමණ වේ.
Reply To:
Name - Reply Comment
0 Comments