Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් ආරම්භ වී ඇත. මෙවර එහි විශේෂත්වය වන්නේ තරඟය පවතින්නේ ඉන්දියාවේ 'දලිත්' කුල පීඩිත ප්‍රජාව අතරින් මතු වූ නියෝජිතයන් දෙදෙනකු අතර වීමය.

භාරතීය ජනතා පක්ෂයේ රාම් නාත් කෝවින්ද්(Ram Nath Kovind) සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන මීරා කුමාර්(Meira Kumar) එම අපේක්ෂකයෝ දෙදෙනා වෙති. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොවේ.

kovind

මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකේ මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් ද ඇතුළත් ඡන්ද පීඨයක් (electoral college) මගින් එය සිදු කෙරේ‍. ඉන්දියාවේ ප්‍රාන්ත විසි නවයක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ ඡන්ද පීඨයට ඇතුළත් වෙති.පීඨය නියෝජිතයන් 4,896 දෙනකුගෙන් සමන්විත වෙයි.

ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ලෙස දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලබන 71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරමින් පෙරට පැමිණි නායකයෙක් වෙයි. 'බිහාර්' ප්‍රාන්තයේ ආණ්ඩුකරු ලෙස ද කටයුතු කර ඇති රාම් නාත් කෝවින්ද් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ දෙකක් ජයගෙන ඇත. තරඟයෙන් ජයගනු ලැබුනොත් රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ ජනාධිපති පදවියට පත් දෙවැනි දලිත් පුරවැසියා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

_96974402_meera

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔහු සමග තරඟ වදින කොන්ග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන 72 හැවිරිදි මීරා කුමාර් පස් වරක් ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර ලෝක් සභාවේ කාතානායකවරිය ලෙසත් කටයුතු කර ඇත. ඇය ඉන්දියාවේ නියෝජ්‍ය අගමැතිවරයකු ලෙස ක්‍රියාකර ඇති 'දලිත්' නායකයකු වූ ජග්ජිවන් රාම් ගේ (Babu Jagjivan Ram) දියණියකි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති පදවිය නිල ගෞරවයක් සහිත පදවියකි. ජාතික සහ රාජ්‍ය උත්සවවලදී ජනාධිපතිවරයා ප්‍රධාන අමුත්තා වෙයි.

ඉන්දියාවේ පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් යළි සලකා බැලීම සඳහා ආපසු හරවා යැවීමේ බලයක් ජනාධිපතිවරයා සතු වෙයි. මහ මැතිවරණයකදී කිසිදු දේශපාලන පක්ෂයක් නිශ්චිත බහුතර ආසන සංඛ්‍යාවක් දිනා නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට ඊ ළඟ අගමැතිවරයා නම් කරනු ලැබීම අතින් එක්තරා බලයක් හිමිවෙයි.

_96974404_prnab

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා කවුරුන්ද යන්න මෙම මාසයේ 20 වෙනිදින ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය නියෝජනය කරන ප්‍රනාබ් මුඛර්ජි (Pranab Mukherjee) දැනට එම පදවිය දරන අතර 2012 වසරේ පත් කෙරුණ ඔහුගේ පස් අවුරුදු නිල කාලය මෙම වසරින් නිම වෙයි.
(බිබිසී සන්දේශය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.