ඉන්දිය 73 වැනි නිදහස් දිනය සමරුම
- 2019-08-16 10:16:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ 73 වැනි නිදහස් දින සැමරුම සුපුරුදු පරිදි නවදිල්හි හි රතු බලකොටුවේදි පැවැත්විණි. උදෑස 7.30ට ආරම්භ කෙරුණු සැමරුම් උළෙල ඉන්දීය ත්‍රිවිධ හමුදා බලය පෙන්වන සංදර්ශන මාලවකින් සන්විත විය. සමරුම් උළෙල නිමිත්තෙන් අද අලුයම් කාලයේ සිට දහවල් වන තෙක් ඉන්දීය ගුවන් සීමාව වසා තැබුණු අතර ගුවන් ගමන් ද සීමා කර තිබුණි. මාර්ග ද වසා දමා ගමනාගමනය ද සිමා කර තිබුණි.
රතු බලකොටුව ආශ්‍රිත කලාපය දැඩි ආරක්ෂක කලාපයක් ලෙස ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබුණු අතර ස්නයිපර් තුවක්කුකරුවන්, ගුවන් යානා සහ මිසයිල නාශාක අවි ද සීරුවෙන් තබා තිබුණි. (එන්.ඩි.ටි. නවදිල්ලි)
හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද (15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි. එහිදී ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා ඉන්දීය ජාතික ධජය ඔසවමින් එම උත්සවය ආරම්භ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments