Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දුනීසියාවේ වෙරළා සන්නයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ප්‍රදේශයේ ජීවිත 30ක් දැනටමත් අහිමිව තිබේ.

සුලවේසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 2ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති අතර, ජනතාව කෑමොර දෙමින් පළායන ආකාරය සහ මුස්ලිම් දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි කඩා වැටී ඇති ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

සහන මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබුණත් සන්නිවේදනය බිඳවැටී පාලූ ප්‍රදේශය වෙත ඇතුළු වන මාර්ග අවහිර වී ඇති බව ඉන්දුනීසියානු රජය පවසයි.

මේ අතර, ප්‍රංශ පුවත් සේවය පවසා සිටියේ මියගිය පිරිස වැඩිවිය හැකි බවයි. මරණ භූ කම්පනය හේතුවෙන් සිදුවූවාද, නැත්නම් සුනාමි තත්ත්වයෙන් සිදුවූවාද යන්න පැහැදිලි නොමැති බවද එම ඒජන්සිය පවසා තිබේ.

update

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 900 දක්වා ඉහළට


ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා පවසන්නේ මෙම සංඛ්‍යාව දහසක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි. ආපදා සහන සේවා කණ්ඩායම් පවසන්නේ කම්පනයෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය පෙර ගණනය කිරීම් වලට වඩා බොහෝ සෙයින් වැඩි බවයි. පාලු නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 24 දෙනෙකු බේරා ගත් බවද එහි සුනබුන් වලට යටවී තවත් බොහෝ පිරිස් සිරවී ඇති බවට සැකකරන බවද බලධාරීහු පවසති.

රතු කුරුස සංවිධානය පවසන්නේ මිලියන 1.6කට වැඩි පිරිසක් ආපදාවට පත්වී ඇති බවයි. "සෑම මිනිත්තුවකට වරක් ගිලන් රියක් මළ සිරුරු රැගෙන එනවා. නගරයේ පිරිසිදු ජලය හිඟයි. සෑම ස්ථානයකම මංකොල්ලකෑම් හා පැහැරගැනීම් වාර්තා වෙනවා. ඉතාම භයංකර තත්ත්වයක් " යැයි සහන සේවා මධ්‍යස්ථානයක ප්‍රකාශකයෙක් පවසයි.

(බිබිසි ඇසුරිණි )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.