Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඊශ්‍රායලයේ ‘හරිෂ්‘ නම් නගරය ආසන්නයේ තිබී අදින් වසර 5,000 කට පමණ පෙර ජනතාව වාසය කළ ඉපැරණි නගරයක නටඹුන් සොයා ගැනීමට හැකි වුණු බව එරට පුරාවස්තු අධිකාරියේ නිලධාරීන් පසුගියදා අනාවරණය කළේය. ඒ අනුව මෙය ලෝකඩ යුගය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තුළදී එතෙක් මෙතෙක් සිදු කෙරුණු වඩාත් විශාලතම සොයා ගැනීම් අතරින් එකක් ලෙසටද එරට පුරාවිද්‍යාඥයන් හඳුන්වාදී සිටියි.

ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයට කිලෝමීටර් 50ක් ඈතින් මෙම හරිෂ් නගරය පිහිටා තිබේ. මෙය ඊශ්‍රායලය විසින් මෑතකදී නම් කරන ලද නගරයකි. එහි අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා සිදුකළ කැණීමකදී මෙම ඉපැරණි නගරයේ නටඹුන් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙය ඉතා හොඳින් සැලසුම් කළ ජනාකීර්ණ තත්ත්වයේ පැවැති නගරයක් බව මූලික අධ්‍යයන මගින් හෙළි වී තිබේ.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට මුල්කාලීන ලෝකඩ යුගයේ ජනාවාසයක්ව පැවැති මෙම නගරය තුළ ආසන්න වශයෙන් 6,000ක ජනතාවක් වාසය කර ඇත. මෙම නගරය හෙක්ටයාර 65ක භූමි ප්‍රමාණයක් පුරා ව්‍යාප්තව තිබී ඇති බවත් මෙහිදී අනාවරණය කර ගෙන තිබේ. එම ජනතාව භාවිතා කළ මැටි භාණ්ඩ ඇතුළු උපාංග රැසක්ද සොයා ගෙන ඇතැයි ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය පවසයි. ඒ අනුව මෙම නගරය ‘මුල්කාලීන ලෝකඩ යුගයේ නිව්යෝක් නුවර‘ ලෙසින්ද හැඳින්විය හැකි බව ඊශ්‍රායල පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

“දැනට ඉතිරිව පවතින නිවාස ගොඩනැගිලි, ඒවායේ ඇති එකිනෙකට වෙනස් පහසුකම් සහ මහජන ගොඩනැගිලි මගින් වඩාත් සංවිධානාත්මකව පැවැති මෙම සමාජයේ එකල තිබූ සමාජ ස්ථරයන් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දෙනවා.“ පුරාවිද්‍යාඥයන් වැඩි දුරටත් පවසා සිටියි.

 

 

භානුක

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.