ඔස්ට්‍රේලියාවේ විලක ජලය රෝස පැහැය ගනියි
- 2017-03-09 16:01:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පවතින විලක ජලය සම්පූර්ණයෙන්ම මෙන් රෝස පැහැයට හැරී තිබේ. හිරු එළිය, උණුසුම් උෂ්ණත්වය හා අඩු වර්ෂාව යන ස්වාභාවික හේතු නිසා මෙසේ විල රෝස පැහැයට හැරී තිබේ.
විලේ ලවණ පෘෂ්ඨය මත ඇල්ගි විශේෂයක් වර්ධනය වීම හේතුවෙන් මෙසේ විලේ පැහැය වෙනස්වී ඇත.ස්පාඤ්ඤයේ, කැනඩාවේ විල්වල මීට ඉහතදී මෙම ස්වාභාවික වෙනස්වීම සිදුව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති වික්ටෝරියා උද්‍යානයේ ප්‍රධානී විද්‍යාඥ, ආචාර්ය මාක් නෝමන් පවසා ඇත්තේ පැහැය වෙනස්වීම සම්පූර්ණයෙන්ම ස්වාභාවික කරුණක් බවත් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් එය ඒක සෛලික ඇල්ගී විශේෂයක් බවත්ය.
වර්ෂාව වැඩි වූ විට හා ජලය සීත වූ විට නැවතත් විලේ පැහැය පැවැති තත්ත්වයට පත්වෙනු ඇතැයි වික්ටෝරියා උද්‍යාන විද්‍යාඥයා සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments