කොරෝනා ගැ ග්රේටා තන්බර්ග්
- 2020-05-06 00:41:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුත් පාරක ගමන්කරන්න වුවමනා තෝරාගැනීමක් වෙනුවෙන් කොරෝනා අපට අවස්ථාවක් ලබාදීලා'
ස්වීඩනයේ දේශගුණික විපර්යාස සහ පාරිසරික ක්‍රියාකාරිනියක වන 17 හැවිරිදි ග්රේටා තන්බර්ග් ඉකුත් බදාදා දිනයේදී පැවසුවාය. ̕කොරෝනා වසංගතයෙන් හුදකලා වූ ලෝකය, දීර්ඝකාලීන සැලසුම් වෙනුවෙන් සිතීමකට අපව පොළඹවා අවසන්.
අප කැමති වුණත්, නැතත්, ලෝකය වෙනස්ව ගිහින්. මාස කිහිපයකට පෙර තිබූ ස්වරූපය නෙවේ දැන් තියෙන්නේ. මෙයින් පසුවත්, පෙර තිබූ ලෝකය බවට එය පත්වන එකක් නැහැ. ඉදිරියට යන්න අලුත් ක්‍රමයක් අපට හොයාගන්න වෙනවා. එක ම එක වයිරසයකට පුලුවන් නම් සති ගණනාවක් ආර්ථිකය බිඳවට්ටන්න, ඒකෙන් පෙන්වන්නෙ, අපි දීර්ඝ කාලීනව නොසිතා වැඩකරන බවයි. ඒ වගේම අපි ඒ අනතුරුදායක දෑ ගණනකටවත් නොගන්නා බවයි.
මේ වගේ අවස්ථාවකදී ඔබ ඔබේ විවිධ මත පැත්තක තියලා ක්‍රියාත්මක වෙනවා. ඔබ නොදන්න පරිසරයක් වෙත පිටතට ගමන්කරනවා. මේ අවස්ථාවට උචිත නැති නොගැළපෙන දේවල් කරන්න පටන්ගන්නවා. ඒත් දීර්ඝ කාලයක් මේ තත්වය අල්ලගෙන ඉන්න නම්, පොදුවේ මිනිස්සු හැමෝගේම සුඛ පැවැත්ම ගැන හිතන්න නම්, ඒවගේ දේවලුත් ඇතැම්විට කරන්න වෙනවා'
| අල්ජසීරා ඇසුරිනි
-ඩිල්ෂානිචතුරිකාදාබරේ-
Reply To:
Name - Reply Comment
0 Comments