චීන ජනපතිට යාවජීව ජනපතිකම
- 2018-03-12 00:55:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම ව්‍යවස්ථා වෙනසත් සමග චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග්ට ඕනෑ තරම් කාලයක් ජනාධිපතිධුරය දැරීමට අවස්ථාව සැලසේ. මාවෝ සේතුංට පසු චීනයෙන් බිහි වූ වඩාත් බලවත්ම නායකයා බවට පත්වීමට ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
චීන කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයාගේ ධුර කාලය වෙනස් කිරීමේ ව්‍යවස්ථා වෙනස්කම සම්බන්ධ යෝජනාව නිවේදනය කරන ලද්දේ පසුගිය මාසයේදීය. ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අද (11) පැවැත්විණි. නියෝජිතයන්ගෙන් 3,000කට ආසන්න පිරිසකගෙන් යෝජනාවට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.
චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් සංශෝධන ද මෙහිදි ඉදිරිපත් වූ අතර එම සංශෝධන ද ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. එසේ චීන ජනාධිපතිවරයකුගේ දේශපාලන න්‍යායක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ අවස්ථා දෙකකදි පමණි. එසේ ඇතුළත් කර ඇත්තේ මාවෝ සේතුංගේ සහ ඩෙන් ෂාඕපින්ගේ දේශපාලන න්‍යාය. ඒ අතරින් මාවෝ සේතුං ජානධිපතිවරයා ජීවත්ව සිටියදීම ඔහුගේ දේශපාලන න්‍යාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. ඒ අනුව එසේ ජීවත්ව සිටියදී නායකයකුගේ දේශපාලන න්‍යායක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ වරම ලද දෙවැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි.
චීනය දූෂණ විරෝධී දෙපාර්තමේන්තුවක් ද ස්ථාපිත කරන ලද අතර එය ක්‍රියාත්මක වන්නේ ද ජනාධිපති ෂී ජින්පින්ගේ සෘජු අධීක්ෂණය යටතේය. එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්ති ඇතුළත් කිරීම ද අද දින සිදුවිණි.
බීජිංහිදීය (රොයිටර්)
China's President Xi Jinping PHOTO| CNN
සබැඳි පුවත්
චීන ජනාධිපතිට ඇති තරම් බලයේ ඉන්න අවසර
චීනයේ සැමදා ජනපති ෂී ජිංපින්
චීන ජනපති ෂී ජිංපින් වෙත කාල සීමාවකින් තොරව දිගටම බලයේ රැඳීම සඳහා පහසුකම් සලසමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පසුගියදා අනුමැතිය ලැබුණි.
මෙහි විශේෂත්වය වූයේ චීනයේ ජාතික මන්ත්‍රණ සභාවේ අති බහුතරය ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමය. ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද දෙකකට පමණක් සීමා වූ අතර, තිදෙනෙක් සභා ගැබෙහි නොසිටියහ.
මෑත ඉතිහාසය තුළ චීන ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වසර 10කට පමණක් සීමා වූ අතර, එයද ධුර කාල දෙකක් ලෙස ආවරණය විය.
මෙම ඓතිහාසික වෙනස සිදුකරමින් චීන කොමියුනිස්ට් පක්ෂය කියා සිටියේ ජනපති නිල කාලය සඳහා පැවැති සීමා ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනපති ෂී ජිංපින්ට එරට සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයට මග සැලසීමත් සමග රටේ නායකත්වය ශක්තිමත් වනු ඇති බවය.
මෙතෙක් පැවති තත්ත්වය යටතේ ඔහුගේ ධුර කාලය වර්ෂ 2022 න් අවසන් වීමට නියමිතව තිබුණත්, මේ නව ව්‍යවස්ථා සංශෝධනය අනුව වර්ෂ 2023 න් පසුවත් දිගටම බලයේ රැඳී සිටීමට ෂි ජිංපින්ට අවකාශය ඇත. ඔහු පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ සිය නායකත්වය තහවුරු කරගෙන ඇති ආකාරය පසුගිය වසරේ පවත්වන ලද පක්ෂ සම්මේලනයේදී මනාව ප්‍රකට වූ කාරණයක් විය.
ෂී ජිංපින්ගේ පාලනය යටතේ චීන යුද හමුදාව පෙරනොවූ විරූ ලෙස ශක්තිමත් වූ බවද නොරහසකි. ජනමාධ්‍ය සහ රටේ පාලන මර්මස්ථාන තම පාලනය යටතට ගැනීම කෙරෙහි අවධානය යොමුකළ ඔහු, මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුංගෙන් පසුව බලයට පැමිණි අති බලසම්පන්නම දේශපාලන නායකයා ලෙස ස්ථානගත කිරීමටද චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සිය පක්ෂ සම්මේලනයේදී කටයුතු කළේ ලෝක දේශපාලනයේද අති බලවත් චරිතයක් චීනය කේන්ද්‍ර කරගෙන නිර්මාණය කිරීමේ අටියෙන් විය යුතුය.
නව යුගයක් වෙත ගමනක්
&මෙය නව යුගයක්. චීන ගති ලක්ෂණ සහිත සමාජවාදී සමාජයක් දිනාගැනීම වෙත තවදුරටත් ක්‍රියාත්මක විය යුතු කාලයක්. හොඳ රටක් ගොඩ නැගීමට මෙන්ම, ලෝක බලවතෙකු වීමට කටයුතු කරන කාලයක්. ඒ වගේම, පක්ෂය සහ ජනතාව එකමුතු විය යුතු කාලයක්* යැයි උත්තරීතර මහජන ශාලාවේ කොමියුනිස්ට් පක්ෂ සමුළුව අමතමින් ඔහු එක් හඬින් කියා සිටියේය.
එහිදී, තමා ධුරයේ සිටි පළමු පස් අවුරුදු කාල සීමාව තුළ ජාත්‍යන්තර වශයෙන් ලද ජයග්‍රහණ විස්තර කළ ජනාධිපති ෂී ජිංපින්, පක්ෂ අභ්‍යන්තරයේ පැතිරෙන දූෂණ සම්බන්ධයෙන්ද කිසිදු සමාවක් නොමැති බව අවධාරණය කළේය.
ඉදිරි වසරේ සිය යුද වැය ශීර්ෂය යුආන් ට්‍රිලියන 1.11ක් වනු ඇති බව චීනය නිවේදනය කළේ මේ සමගය. මෙය ඇ.ඩො.මිලියන 1,750ක් තරම් විශාල මුදල් සම්භාරයක් බව පැහැදිලිය.
එම නව යුද ආයෝජනය බිජිං පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණු අතර, පසුගිය වසරට සාපේක්ෂව බලන විට චීනය යුද්ධය වෙනුවෙන් යොදවන ලද ධනය 8෴කින් වැඩි වී ඇත. මෙය ලෝකයේ දැවැන්තම හමුදාව චීනය සතු බවට තවත් සාක්ෂියක් වන අතර, එය තවදුරටත් නවීකරණය කිරීමද බීජිං පාලනයේ අභිප්‍රාය වී ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට ලෝකයේ දැවැන්තම හමුදාව චීනය සතු අතර එය තවත් නවීකරණය කිරීම බීජිං පාලනාධිකාරියේ අරමුණ වී ඇත.
ලෝක බල තුලනයේ වෙනසක්
වත්මන් ලෝක බල තුලනයේ පැහැදිලි වෙනසක් සිදුවන බව භූ දේශපාලන සිතියම බැලීමේදී වඩාත් පැහැදිලිව පෙනෙන සත්‍යයකි.
විශේෂයෙන්ම මෙතෙක් ලෝක බලවතා ලෙස පෙනී සිටි ඇමෙරිකා එක්සත් ජනපදයට ඇති තැන, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ චීනය වෙත යොමුවෙමින් පැවතීම නොවැළැක්විය හැකි සිදුවීමකි.
මීට මාස කිහිපයකට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් සිදුකිරීමේදී ඔවුන් පාලනය කිරීම සඳහා චීන ජනපති ෂී ජිංපින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අගය කරනු ලැබීමද සුළුවෙන් තැකිය නොහැකිය.
එමෙන්ම, චීන නායකයා මුණ ගැසීමෙන් පසුවද ඇමෙරිකානු නායකයා ෂී ජිංපින් ගැන දැක්වූ අදහස් ලෝක දේශපාලනය තුළ වඩාත් ප්‍රකට මාතෘකා බවට පත්විය.
ඔහු ඉතා හොඳ මිනිහෙක්. මම ඔහු ගැන හොඳින් දන්නවා.
ඔහු චීනයට ආදරෙයි. ඔහු චීන ජනතාවට ආදරෙයි. ඔහුට යමක් කළ හැකි බව මම හොඳින් දන්නවා.* යැයි ට්‍රම්ප් සඳහන් කර තිබුණි.
මනෝරි ගමගේ
Reply To:
Name - Reply Comment
0 Comments