චීන පාසල් ළමෝ 'මීටරයේ තොප්පි' පළඳිති
- 2020-05-17 03:02:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානම් තත්වයෙන් මිදීමෙන් පසු, චීනයේ ෂේජියැන්ග් පළාතේ පිහිටි යැන්ග්ෂෙන්ග් පාසලේ පළමු වසරේ පන්ති සතරක ළමුන්ට නැවත පාසල් පැමිණෙන්නැයි ගුරුවරු දන්වා සිටියහ.
යළි විවෘත කරනු ලැබූ පාසල්වල උගෙනුම ලැබීමට පැමිණි ළමුන්, කොරෝනා වයිරසය ව්‍යාපත්වීමෙන් වැළැකී සිටීම සඳහා නිර්මාණාත්මකව සැකසූ සමාජ දූරස්ථකරණ හිස්වැසුම් පැළඳීමට පටන්ගෙන තිබේ.
මෙම හිස්වැසුම ඔවුන් හඳුන්වන්නේ, 'මීටරයේ තොප්පි' ලෙසිනි. මෙකී හිස්වැසුම් බහුතරයක් සාදා තිබුණේ කාඩ්බෝඩ් වලිනි. එහි මුදුනින් හෝ පසුපසින් දිගු සෘජු පටියක් සිටින සේ අලවා තිබිණි. එක් සිසුවියක් දිගු බැලුන් යොදාගෙන තොප්පිය සාදා තිබිණි.
මාස ගණනාවක් පාසල් පැමිණීමෙන් වැළකී සිටි පාසල් ළමෝ එකිනෙකා අතර දුරස්ථභාවය පවත්වාගෙන යමින් ඔවුනොවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් මෙම හිස්වැසුම් පළඳිති. පන්තිවලට පැමිණි ඒ සෑම ළමයෙක් ම පාහේ මුඛ ආවරණයක් පැළඳ සිටියහ.
පාසලේ උප විදුහල්පති හොංෆෙං මහතා පැවසුවේ, මෙය ඔවුන් ම නිර්මාණය කරගත් අදහසක් බවයි. "එය කොරෝනා සඳහා වන 'මීටරයේ හිස්වැසුම් පළඳින්න - මීටරයක දුරක් පවත්වාගන්න' යන අපේ තේමා පාඨයටත් උපකාරී වෙනවා" යැයි ඔහු පවසයි.
මෙම ක්‍රියාවලිය නිසියාකාරයෙන් පවත්වාගෙන යාම සඳහා, ළමයින්ට තවත් ළමයෙකු සමඟ කිසිදු සමීපවීමක් නොතබාගන්නටත්, හිස්වැසුම් කඩා නොගන්නටත් උපදෙස් දී තිබේ. එසේම සෑම දිනකම ඔවුන්ගේ උෂ්ණත්වය මනිනු ලැබේ.
(කිඩ්ස් නිවුස් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ

Reply To:
Name - Reply Comment
0 Comments