Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ හැන්ග්සොයු සෆාරි උද්‍යානය තුළ රාත්‍රී කාලයේ සතුන් නැරඹීමේ අවස්ථාවක් උදාකර දිමට එහි බලධාරීන් පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව ජූලි 14 වැනිදා සිට අගෝස්තු 19 වැනිදා දක්වා කාලසීමාව තුළ ප්‍රේක්ෂකයන්ට රාත්‍රී කාලයේදීද සත්වෝද්‍යානය වෙත ඇතුළුවීමේ අවස්ථාව ලබාදුන් අතර, ඡායාරුප ශිල්පීන් බොහෝ පිරිසකටද එම අවස්ථාව ලබා දී තිබුණි.

විශේෂයෙන්ම දහවල් කාලයේදී මෙන් නොව රාත්‍රී කාලයේදී මෙම සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණයට සහ ඡායාරූපගත කිරීමට මේ හරහා ඔවුන්ට අවකාශය උදා කරදීම එහි බලාපොරොත්තුව විය. මෙය අලුත්ම අත්දැකීම් අවස්ථාවක් වීම නිසාම බොහෝ පිරිසක් මේ කාලසීමාව තුළදී එම සෆාරි උද්‍යානයට පැමිණි බවත් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් බොහෝ පිරිසක් රාත්‍රී කාලයේදී මෙලෙස සත්වෝද්‍යානය වෙත පැමිණීමත් සමගින්ම එම සතුන් වඩාත් කලබලයට පත්ව සිටි බව මෙහිදී ලබා ගත් ඇතැම් ඡායාරුප හරහා පෙනී යන බව බොහෝ දෙනාගේ අදහසයි. විශේෂයෙන්ම ඔවුන්ගේ නින්දට පවා බාධා කරමින්, ක්ෂණික ආලෝක නිකුත් කරන කැමරා යොදා ගනිමින් මෙම ඡායාරූපගැනීම සිදු කිරීමත් නිසා ඔවුන් වඩාත් බියට පත්ව තිබුණි.

චීනය මතු නොව වර්තමානයේදී ලොව බොහෝ රටවල් සිය සත්වෝද්‍යාන නරඹන්නට පැමිණෙන පිරිස් වෙත මෙවැනි අත්දැකීම් ලබා දීමට උත්සාහ කරමින් සිටියි. ඒ හරහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණ කරගැනීම අරමුණ වී තිබේ. එහෙත් මෙවැන්නක් සිදු කිරිම හරහා මෙම සතුන්ගේ ජීවිත ඉහළ අවධානමකට ලක් කෙරෙන බව සත්ව අවිහිංසක සංවිධාන පෙන්වා දෙයි.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.