Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ටෝකියෝ නුවර රජ මාලිගයේ පැවැති උත්සවයකදී නිල වශයෙන් සිය රජ කිරුළු පැළැදීම සිදු කළේය. පසුගිය මැයි මාසයේදී සිය පියාගෙන් හිමිවුණු රාජ්‍යයත්වය නිල වශයෙන් භාර ගැනීම සඳහා සම්ප්‍රදාය අනුව මෙම උත්සවය සංවිධානය වී තිබුණි. ජපානයේ ඉපැරණි වත් පිළිවෙත් අනුව කිරුළු පැළැදීම සිදුවීමත් විශේෂත්වයක් විය. එසේම මෙම අවස්ථාව සඳහා ලොව පුරා රාජ්‍යයන් 200කට අධික සංඛ්‍යාවක නායකයන් වෙතද ඇරයුම් කර තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට සහභාගී විය.

59 හැවිරිදි නරුහිතෝ අධිරාජ්‍යයා මෙම අවස්ථාව සඳහා රාජකීයයන් පමණක් හඳින රන්-දුඹුරු පැහැයට හුරු දිගු ලෝගුවකින් සිරසී සිටියේය. සිය කිරුළු දැරීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රකාශනයද කියවූ අධිරාජ්‍යයා, එම මොහොතේ පටන් ජපාන ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් තමන් ජපානයේ සංකේතයක් ලෙස තමාට පැවරෙන වගකීම් සම්පූර්ණ කිරීමටක්, ජපාන ජනතාවගේ එකමුතු බව වෙනුවෙන් ක්‍රියාකිරීමටත් පියවර ගන්නා බවට දිවුරු පොරොන්දු දුන්නේය. සිය කිරුළු පැළැදීමේ අවස්ථාවට සමගාමීව නරුහිතෝ අධිරාජ්‍යයා ජපානය තුළ සුළු වැරදි සඳහා චෝදනා ලැබ සිහින ලක්ෂ පහකට ආසන්න පිරිසකට පොදු සමාව ලබාදීමටද පියවර ගෙන ඇත. මාර්ග නීති උල්ලංගණය කිරීමේ වැරදි මීට අදාළ වන බව පැවසෙයි.

මෙම අවස්ථාවේදීම අධිරාජ්‍යයාගේ බිරිඳද මසාකෝ අධිරාජිණිය ලෙස කිරුළු පැලැන්දීම සිදු විය. කෙසේ වෙතත් මෙම කිරුළු පැළැදීමේ උත්සවයෙන් අනතුරුව ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් උත්සව රැසක්ම ජපානයට බලපෑ හගිබිස් ටයිෆූනයෙන් මිය ගිය පිරිස් වෙත ගරු කිරීමක් ලෙස කල්දැමීමට ජපාන බලධාරීන් තීරණය කර තිබේ. අධිරාජ්‍යයා සහ අධිරාජිණිය විවෘත රථයක නැගී ජනතාවට සමාචාර කිරීමේ අවස්ථාවත් ඒ අතර පවතී.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.