Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජපානයේ නිරිතදිග මුහුදු කලාපයේ පිහිටා ඇති, මිනිසුන්ට වඩා බළලුන් අධික සංඛ්‍යාවක් සිටින උමෂිමා දූපතේ බළලුන්, තුනෙන් දෙකක ප්‍රමාණයක් දක්වා සීඝ්‍රයෙන් මිය යාමේ අවදානමට ලක්ව ඇතැයි වාර්තා වේ.

විෂ ශරීරගත වූ මසුන් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි බලධාරීහු කියති.‍ සත්ව සුභසාධන ආයතන පෙන්වාදෙන පරිදි 2014දී 90ක පමණ ප්‍රමාණයක සිටි  බළලුන් මේ වසරවන විට 30 දක්වා පහළ බැස තිබේ.

කෘෂිකාර්මික ප්‍රදේශ ඇතුළු උමෂිමාවේ විවිධ ප්‍රදේශවලින්  නිල් පැහැති ද්‍රව්‍යයක් ශරීරගත වූ මසුන් හමු වූ බවත්, ඔවුන්ව ආහාරයට ගත්තේ යැයි සිතිය හැකි, අප්‍රාණික බවින් යුතු බළලුන් දැකිය හැකි වූ බවද බලධාරීහු පවසති. නීරෝගී සම්පන්නව සිටි බළලුන් බොහෝදෙනෙකු මුවින් පෙණ දමමින්, අසනීප තත්ත්වයේ පසුවූ බවද, 2017 වසරේදී බළලුන් පස්දෙනෙකු මියගොස් සිටියදී වරාය ආශ්‍රිතව හමුවූ බවද, ඔවුහු කියති.

උමෂීමාව, අඕෂීමා නම් බළල් දිවයිනට වඩා බළල් ජනගහනයට උරුමකම් කී දූපතක් වන අතර, එහි  ගෘහාශ්‍රිතව 100කට අධික වන බළලුන් ප්‍රමාණයක්ද වෙසෙති. එය අනුපාතයක් වශයෙන් හයට එකකි. මේ අතර, ජපානයේ සත්ව සංගමයක් විසින් බළලුන් 90කගෙන් 79ක් වඳභාවයට පත්කර තිබිණි. ගන්ධය සහ බළලුන්ගේ කරච්චලය සම්බන්ධයෙන් උමෂිමාවට ලැබුණු පැමිණිලි හේතුවෙන් බළල් ගහනය අවමකිරීමට එසේ කටයුතු කළ බව එම නිලධාරීහු පවා ඇත.

එබැවින් බළලුන් මිය යෑම ස්වභාවික හේතුවක් නිසා නොව, සත්ව හිංසනයක් හෝ මානුෂීය ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදුවූවක් බවත් බලධාරීහු කියති.

මෙම පුවත මාධ්‍යවල පළවීමත් සමග එක්තරා මිනිසෙකු යමක් පවසා තිබිණි. ෙකපුටන්ගෙන් සිය අර්තාපල් අස්වැන්න ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදන රසායනික වර්ගයක් මසුන්ගේ ශරීරයේ තවරා තම ගොවිපළේ තැබූ බවද බළලුන්ට හානිකිරීමේ අදහසක් නොතිබූ බවද ඔහු බවද ඔහු පවසා තිබිණි. ‘උමෂීමාවේ බොහෝ කපුටන් නැහැ. මේ මසුන් තබා තිබුණේත් බළලුන්ට පහසුවෙන් ළගා විය හැකි, ඔවුන් ආකර්ෂණය වන පෙදෙස්වල’ යැයි ඊට ප්‍රතිචාර දක්වමින් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින්නෝ සඳහන් කර තිබිණි.

(ද ගාඩියන් ඇසුරිනි) ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.