Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ටිබට් බෞද්ධ ජනයාගේ මහා පුදබිමක් වන යොකාංග් (Jokhang) ආශ්‍රමය සෙනසුරාදා ගිනි රකුසාට බිලි විය. ටිබට් දේශයේ ලාසා (Lhasa) අගනුවර පිහිටි පුදබිම් අතරත් මුල්තැන හිමිකර ගත් ඓතිහාසික බෞද්ධ විහාරයකි.  ගින්නට හසුවීමෙන් ආශ්‍රමයේ වහල බිමට කඩා වැටෙන ආකාරය අන්තර්ජාලයේ පළ කෙරුණ වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කෙරේ. ගින්න නිසා මිනිස් ජීවිතවලට සිදු වූ හානියක් වාර්තා නොවෙයි. සෙනසුරාදා (පෙබරවාරි 17) සන්ධ්‍යාවේ බෞද්ධ විහාරය ගින්නට ගොදුරු වූ බවත් එය ඉක්මනින් මැඩ පවත්වන ලද බවත් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. ගින්නෙන් විනාශ වී ගිය විහාරස්ථානයට සිදු වූ හානියේ තරම තක්සේරු කරනු ලැබ නැති අතර විහාරස්ථානයේ වැඩ සිටි සංස්කෘතිකමය වටිනාකමක් සහිත ධාතූන් වහන්සේලාට හානියක් සිදුව නැති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි. "ලෝකයේ පියස්ස" ලෙස හඳුන්වනු ලබන ටිබට් දේශය චීන පාලනයට යටත් ස්වතන්ත්‍ර පාලනයක් සහිත බෞද්ධ ප්‍රදේශයකි.

බිබිසි පුවත් සේවය
Pic Courtesy twitter and wikipedia

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.