ඩිස්නිලන්තයට සටනක් දෙන්න චීනයේ ඉදිවුණු නව විනෝද උයන
- 2016-09-30 12:57:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නියුතු වැන්ග් ජියන්ලිං තම දෙවැනි විනෝද උයන පසුගියදා ආරම්භ කළේය. ලොව ප්‍රකටම විනෝද උයන් ජාලය ලෙස සැලකෙන ඩිස්නිලන්තයට සටනක් දීම ඔහුගේ මූලික අරමුණ වී තිබේ. චීනයේෂැංහයි පළාතේ ඩිස්නිලන්තයක් ද ඉදිකෙරෙමින් පවතී. ඒ අනුව වසර 10 ත් 20 ත් අතර කාලයකදී චීනය තුළ ඩිස්නිලන්තයට ආදායම් උපයා ගැනීමේ අවස්ථාවන් අහිමි කිරීම තම අරමුණ බව වැන්ග් සඳහන් කරයි.
මෙම නව විනෝද උයන චීනයේ අන්හුයි ප්‍රාන්තයේ හෙෆෙයිහි පිහිටා තිබේ. ඒ සඳහා වැයවී ඇති මුදල චීන යුවාන් බිලියන 34 ක් හෙවත්ඇමෙරිකානු ඩොලර් බිලියන 5.2 ක්වැය වී තිබේ. පසුගියදා විවෘත කෙරුණු එම විනෝද උයනේ පළමු අදියරවේ. මේ සඳහා හෝටල් සංකීර්ණයක්, චිත්‍රපට මධ්‍යස්ථානයක් හා සාප්පු සංකීර්ණයක්ද ඇතුළත් ව පවතී. මෙහි බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 160 කි. තරු හයේ හෝටලයක්, තරු පහේ හෝටලයක් හා තවත් හෝටල් පහක් එහි පිහිටා තිබේ. අදාළ හෝටල් සියල්ලෙහි ඇති කාමර සංඛ්‍යාව 3500 කි.
චීන මාධ්‍යට අනුව මෙම උයනට දිනකට සංචාරකයන් 100,000 ක් පමණ එනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙම නව උයන ෂැංහයි ඩිස්නිලන්තයෙන් කිලෝ මීටර් 500 ක් ඈතින් පිහිටන අතර උයන් දෙක අතර හොඳ තරගයක් ඇතිවීමට මෙම දුර බාධාවක් නොවන බවද පැවසෙයි. එක් අයෙකුට මෙම උයනට ඇතුළු වීම සදහා යුවාන් 218 ක් එනම් ස්ටර්ලින් පවුම් 25.18ක් ගෙවිය යුතුය. පවුලක් සඳහා ටිකට් පතක් යුවාන් 308 ක් එනම් ස්ටර්ලින් පවුම් 35.57 කි.
ලෝකයේ සිටින ධනවත්ම චීන ජාතිකයා ලෙස සැළකෙන වැන්ග් 1988 දී වැන්ඩා සමාගම පිහිටවා ඇත්තේ ස්ටර්ලින් පවුම් 80,000 කිනි.
Reply To:
Name - Reply Comment
0 Comments