Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සත්වෝද්‍යානය වෙත චීනයේ යෝධ පැන්ඩා පැටවුන් දෙදෙනකු රැගෙන යාමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. ඒ අනුව චීනයේ සිචුආන් පළාතේ පිහිටි පැන්ඩා පර්යේෂණ ආයතනයක වෙසෙන මාඕ එර් සහ ෂින්ග් එර් නම් පැන්ඩා සතුන් දෙදෙනකු මෙලෙස ඩෙන්මාර්කයට ලබාදීමට නියමිතව තිබේ. මෙම කටයුතු සාර්ථකවීමෙන් අනතුරුව ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම පැන්ඩා සතුන් සහිත නමවැනි යුරෝපා රට බවටත් ඩෙන්මාර්කය පත්වීමට නියමිතය.

මේ පැටවුන් දෙදෙනාගෙන් මාඕ එර් අවුරුදු හතරක් වයසැති ගැහැණු පැටවෙකි. ෂින්ග් එර් අවුරුදු පහක් වයසැති පිරිමි පැටවෙකි. ඔවුන් දෙදෙනාම මේ වනවිට පර්යේෂණ ආයතනයේ කෙළිදෙලෙන් ගත කරන බව පැවසෙයි. එසේම කෝපන්හේගන් සත්වෝද්‍යානයේ සිට චීනයට පැමිණි ඔවුන් රැක බලාගන්නා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය මේ වනවිට ඔවුන් හා මිතුරු වෙමින් සිටියි. ඒ අනුව ඩෙන්මාර්කයට රැගෙන යාමෙන් අනතුරුව ඔවුන් සිය ජීවිතයේ ඉදිරි වසර 15ක කාලය කෝපන්හේගන් සත්වෝද්‍යානයේ වාසය කිරීමට ඔවුන්ට සිදු වෙයි.

2014 වසරේදී මෙම වැඩසටහන ආරම්භ විය. ඩෙන්මාර්කයේ දෙවැනි මාගරෙත් රැජින චීනයේ සිදුකළ සංචාරයක් අතරතුරදී මෙම චීනයත් සමග මෙම ව්‍යාපෘතිය පිළිබඳ එකඟතාවට පැමිණ ඇත. පසුව 2017 වසරේදී චීනය සහ ඩෙන්මාර්කය මෙලෙස වසර 15ක යෝධ පැන්ඩා පර්යේෂණ එකඟතාවක් අත්සන් තබා තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.