Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ස්ටෝක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)

මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. 

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් සාම ත්‍යාගය එම ව්‍යාපාරයට ලබාදෙන බව නොබලේ කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් පැවැසුවාය. 

“අයිකැන්, එසේත් නැතිනම් ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ න්‍යෂ්ටික අවි තහනම් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට යථාර්ථයක් බවට පත් කිරීමට ඔවුන් කළ මෙහෙය කිසිදු අවස්ථාවකදී අමතක කරන්න බැහැ. අපි අද ජීවත්වන්නේ ඉතිහාසයේ කිසිදු අවස්ථාව නොවි විරු අයුරින්, න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානමක් තිබෙන මොහොතක” යැයි උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් කියා සිටියායා. 

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ නොබෙල් කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් මෙසේ ද කීවාය.

“නොබෙල් සාම ත්‍යාගය ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ට ලබාදීමෙන් ලොව රටවලට සුවිශේෂී පණිවිඩයක් ගෙන යනවා. න්‍යෂ්ටික අවි දැඩි නියාමනයකට යටත් කිරීම, න්‍යෂ්ටික අවි ලොවින් තුරන් කිරීම යනාදි පණිවිඩ ලෝකයට ගෙන යනවා. අද වනවිට ලෝකයේ න්‍යෂ්ටික 15,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල අපේ ලෝකයෙන් ඉවත් කළ යුතුයි”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.