Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව ජනප්‍රියතම ප්‍රවෘත්ති සේවයක් වන බීබීසී ලෝක සේවය විසින් විකාශනය කරනු ලබන භාෂා වලට අමතරව ඉන්දීය භාෂා සේවාවන් හතරක් අලුතින් ආරම්භ කර තිබේ. බීබීසී ලෝක සේවය මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය රජයෙන් ලැබෙන මුදල් ප්‍රතිපාදන ඉහළ දැමූ බව පසුගිය වසරේ නිවේදනය කිරීමෙන් අනතුරුව දියත් කෙරුණු පුළුල් ව්‍යාපෘතියේ පියවරක් ලෙසිනි. මෙය 1940 දශකයෙන් පසුව බීබීසී ලෝක සේවයේ වැඩසටහන් මෙතරම් පුළුල් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බව ඔවුන් පෙන්වා දෙති. බීබීසී ලෝක සේවය ඉංග්‍රීසි භාෂා අංශය ඇතුළු භාෂා සේවාවන් 40ක් පවත්වාගෙන යනු ලැබේ. '2020 ව්‍යාපෘතිය' යටතේ අලුතින් ආරම්භ කෙරෙන භාෂා සේවාවන් 11 අතරින් ඉන්දීය භාෂා සේවාවන් හතර වන්නේ මරාති, ගුජරාටි, තෙලිඟු සහ පන්ජාබි යන සේවාවන් ය.

මරාති භාෂාව:

BBC
  • මිලියන 73ක් ජනයා මරාති භාෂාව කතා කරති.
  • මෙම භාෂාව වැඩි වශයෙන් භාවිත වන්නේ බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.
  • එය ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තයයි. එහි මුම්බායි නගරය බොලිවූඩ් ලෙසින් ප්‍රචලිත ය.
  • මාහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැසියන් වූ සචින් තෙන්ඩුල්කාර්, රැජිනි කාන්ත් සහ ලතා මන්ජෙශ්කාර් ලෝක ප්‍රකට චරිත බවට පත්විය.

ගුජරාටි භාෂාව:

ගුජරාටි
  • මිලියන 50ක් ජනතාව ගුජරාටි භාෂාව කතා කරති.
  • මෙය බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයට අනන්‍ය භාෂාවයි
  • ප්‍රනීත නිර්මාංශ ආහාර සඳහා මෙම පළාත ප්‍රචලිතය. ශ්‍රේෂ්ඨ ව්‍යවසායකයින් වෙසෙති.
  • මහත්මා ගාන්ධි, මොහමඩ් අලි ජින්නා (පකිස්ථානයේ නිර්මාතෘ), අගමැති නරේන්ද්‍ර මෝදි ලෝක ප්‍රකට ගුජරාටි චරිත වේ.
  • ආසියාතික සිංහයන් ජීවත් වන්නේ ගුජරාටි ප්‍රාන්තයේ වනාන්තරවල පමණි.

පන්ජාබි භාෂාව:

පන්ජාබි
  • මිලියන 100ක් ජනතාව පන්ජාබි භාෂාව කතා කරති.
  • ලොව වැඩියෙන්ම භාවිත වන භාෂා ලැයිස්තුගත කිරීමේ දී පන්ජාබි භාෂාවට 11 වැනි ස්ථානය හිමිවෙයි.
  • වයඹදිග ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට අනන්‍ය භාෂාවයි.
  • කෘෂිකර්මයට සහ භන්ග්‍රා නර්තනයට මෙම ප්‍රාන්තය ප්‍රචලිත ය.
  • හිටපු අගමැති මන්මෝහන් සිං පන්ජාබ් ප්‍රාන්තයෙන් පැමිණි ප්‍රසිද්ධ දේශපාලනඥකි. බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ කපූර් පවුලේ ආරම්භය ද පන්ජාබ් ප්‍රාන්තයයි.

තෙළිඟු භාෂාව:

තෙලිගු
  • මිලියන 75ක් ජනතාව තෙලිඟු භාෂාව කතා කරති.
  • දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා සහ තෙලන්ගානා ප්‍රාන්ත දෙකට අනන්‍ය භාෂාවයි.
  • ලොව ධනවත්ම දේවාලය වන 'තිරුපති' පිහිටියේ දකුණු ඉන්දියාවේ ය.
  • හිටපු අගමැති පී වී නරසිම්හ රාඕ, මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා සහ බැඩ්මින්ටන් ශුරි පී වී සිධූ තෙලිගු ප්‍රජාවට අයත්ය.

බිබිසී ලෝක සේවය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.