Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඇයට හැකි ඉක්මනින් චෙන්නායි පොලිසියට බාර  වෙන ලෙස ද නියෝග කෙරිණ. ඇය සමග ඇගේ ඥාතීන් දෙදෙනකුටද මෙම දඬුවම නියම වනු ඇත.

ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත. 

හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. නමුත් ඇය මිය ගොස් ඇති නිසා ඇගේ ක්‍රියාකලාපය පිළිබඳ මෙහිදී විභාගයට ගෙන නොමැත. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් වෙන වෙනම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට විනිසුරුවරුන් දෙදෙනාම තීන්දු කළහ.

ලංකාදීප ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.