Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හයිටි රාජ්‍ය වෙත බලවත් හානියක් සිදුකරමින් කඩා වැදුනු මැතිව් චණ්ඩ මාරුතය ක්‍රමයෙන් ඇමෙරිකාව දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ අංශ පවසයි. ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ප්‍රාන්ත ජනතාවට ආරක්ෂා වීම සඳහා පැය 24ක පමණ කාලයක් ඇති බවයි.

මේ වනවිට ප්‍රාන්තයේ සියලු ජනතාව මේ සඳහා සූදානමකින් සිටින බවත්, පැය 24ක කාලය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව විශ්වාස කෙරේ. ප්‍රාන්ත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි.

අද දිනයේදී පැයට සැතපුම් 125ක පමණ සුළි සුළං සහිතව ගමන් කළ මැතිව් සුළි කුණාටුව ෆ්ලොරීඩා, ජෝර්ජියා, දකුණු කැරොලීනා සහ උතුරු කැරොලීනා වෙත ඇතුළු වනවිට 4 වැනි මට්ටමේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස පවතිනු ඇති බවද කාලගුණ අංශ අනතුරු අඟවයි.

ඇමෙරිකානු කාලගුණ අංශ පවසන්නේ මෙම ප්‍රාන්ත අතරින් කිහිපයකට හෝ එකකට මුලින්ම චණ්ඩ මාරුතය ඇතුළු වනු ඇති බවයි.

මේ අතර, හයිටියට දැඩි බලපෑමක් ඇති කළ මැතිව් චණ්ඩ මාරුතය කැරීබියන් කලාපය වෙත දශකයක පමණ කාලයක් තුළ ඇතුළු වූ ප්‍රබලතම චණ්ඩ මාරුතය ලෙස සැලකෙයි.

වැඩි විස්තර

 

3(1583)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.