රටවල් 16කට චීන බලපෑම් ගැන වාර්තාවක්
- 2018-05-17 14:43:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන රජය දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් ආසියාවේ හා පැසිෆික් කලාපයේ දියුණු වෙමින් පවතින රටවල්වලට බිලියන ගණනින් ඩොලර් ණය ලබාදෙමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වෙන බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.
හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක මේ බව දැක්වෙයි. චීන රජය මේ ආකාරයට රටවල් 16ක් ඉලක්කරගෙන ඇති බවත් ඒ අතරින් ශ්‍රී ලංකාව, පාකිස්තානය හා ජිබෝල්ටාව වැඩි වශයෙන් අවධානමකට ලක්ව ඇති බවත් වාර්තාවේ සඳහන් බව සී.එන්.එන්. පුවත් සේවය බවසයි.
මෙසේ ලබාදෙන ණය ආපසු ගෙවීමේදී විශාල අගයක් බවට පත්වීම හේතුවෙන් එසේ ණය බරට පත්ව ඇති රටවල්හි ක්‍රමෝපායික වත්කම් (වැදගත් වත්කම්) අයකර ගැනීමට හෝ දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමට චීනයට අවස්ථාවක් උදාවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ හරහා චීන රජයට සිය බලය ඉන්දීය සාගරය පුරා හා පැසිෆික් කලාපය තුළ ව්‍යාප්ත කිරීමට ඉඩ ලැබී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චීනය විසින් බදු පදනම මත ලබාගැනීම ඔවුන් උදාහරණ ලෙසින් ඉදිරිපත් කර තිබේ.
මේ අතර මධ්‍යම අධිවේගය ඉදිකිරීම සඳහා චීනය පසුගියදා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලයනයක ණයක් ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments